ට්‍රම්ප්ගේ අණින් ඉන්දියාව හා පාකිස්තානය සටන් විරාමයකට එකඟ වේ

ලෝකයම භීතියට පත් කළ දින හතරක අඛණ්ඩ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්තානය ගොඩබිම, සයුරේ සහ ගුවනේ සියලු හමුදා ක්‍රියාමාර්ග නවතා දමා සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.

ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි තහවුරු කර ඇති පරිදි දෙරට අතර සටන් විරාමයට අනුව එරට වේලාවෙන් සවස 5.00 සිට සියලු සටන් නවතා දමනු ලැබූ බව වාර්තා වෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම අනපේක්ෂිත නිවේදනය නිකුත් කරමින් එම පියවරට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වූ ආකාරය අනාවරණය කරනු ලැබුවා.

වොෂින්ටනයේ මැදිහත්වීමෙන් රාත්‍රියක පැවති සාකච්ඡාවලින් පසුව එය සිදු වූ බව එම නිවේදනයේ සඳහන්.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම අවබෝධය ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශවයටම උපදෙස් ලැබී ඇති බවයි.

ඉදිරි කාල සීමාව තුළ ඕනෑම ත්‍රස්ත ක්‍රියාවක් යුද ක්‍රියාවක් ලෙස සලකනු ලබන බව ද ඉන්දියාව වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා.

දෙරටේ හමුදා නායකයින් සඳුදා නැවත කතා කිරීමට නියමිත බව ද නිවේදනයේ සඳහන්.

රටවල් දෙක අතර ගැටුම සෙනසුරාදා වන (මැයි 10) වන විට තීව්‍ර වූ අතර එක රැයකින් එහි හමුදා කඳවුරුවලට ඉන්දියානු මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පළිගැනීමකක් ලෙස ඉස්ලාම්බාදය හමුදා මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

අසල්වැසි රාජ්‍යයන් දෙක අතර ගැටුම් දරණු යුධ මෙහෙයුමක් දක්වා පරිවර්තනය වුණේ පසු ගිය මාසයේ ඉන්දියානු පාලිත ප්‍රදේශයක්වන කාශ්මීරයේ සංචාරකයින් පිරිසක් සමූල ඝාතනය කිරීමේ සිදුවීමෙන් අනතුරුවයි.

ඉන්දියාව එහි වගකීම සම්පුර්ණයෙන් පාකිස්තානය වෙත බැර කළ අතර බදාදා පාකිස්තානයට එරෙහිව “සින්දූර් මෙහෙයුම” දියත් කරනු ලැබුවා.

එසේ නමුත් ඉස්ලාම්බාදය ප්‍රහාරය සම්බන්ධ වගකීම භාර ගනු ලැබුවේ නැහැ.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!