දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ සක‍්‍රීය වුණු අපූරුම වැඩක්. මෙහෙවරක්. ලස්සන සංකල්පයක්.

ලස්සන වගේම හරිම පිළිවෙලට විනිවිදභාවයෙන් කෙරෙන වැඩක්. ආපදාවකට පස්සෙ මුළු රටම අවුල් වෙලා ගිය මොහොතක ඒ ගින්න ගේ ඇතුළට ගන්නෙ නැතිව රටේම කුසගින්න නිවන්න වෑයම් කරන්න එකත් වුණු ලොකු පවුලක් එතැන ඉන්නවා.

2016 ගංවතුර වෙලේ මේ කුස්සිය සක‍්‍රීය කාර්යභාරයක් කළා. පහුගිය 27 වැනිදා රටට ඇතිවුණ හදිසි ආපදා තත්ත්වය එක්ක ආයේ මතු වුණා. එතැන ඉඳලා දින හතරක් පුරාවට මේ කුස්සිය කරමින් ඉන්නේ දැවැන්ත කාර්ය භාරයක්.

මේ සද්කාර්ය සිද්ධ වෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, සමාජ ක‍්‍රියාකාරීන් ඇතුළු ස්වේච්ඡාවෙන් මෙතැනට එකතු වුණු මිනිස්සු ගොඩක් එක්ක.

මෙහිදී ආපදාවට ලක් වූවන්ට කෑම පාසල් අනිකුත් ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිද්ධ වෙනවා. ප‍්‍රජා මුළුතැන්ගෙට ලැබෙන සෑම අයිතමයක්ම ඉන්වෙන්ට්‍රි එකකට ඇතුළු වෙනවා. හැමදාම උදේට මේ පුංචි ගෙදර ලොකු පවුලෙන් දෙන්නෙක් තුන්දෙනෙක් ගෙදර ලොකු අක්කා, ලොකු නංගි හැටියට පත් වෙනවා. එදා දවසේ සමස්ත කර්තවයන් සිද්ධ වෙන්නේ මේ ලොකු අක්කගේ නංගිලාගේ අධීක්ෂණය යටතේ. ලැබෙන භාණ්ඩ ඉන්වෙන්ට්‍රි ගත කරනවා වගේම කුස්සියට උයන්න එන භාණ්ඩ ඉන්වෙන්ට්‍රියෙන් ඉවත් වෙනවා. ඔවුන් දැනුම්වත් නොකර මේ එකම භාණ්ඩයක්වත් එහේ මෙහේ වෙන්න බැහැ. ඔවුන්‍ට එකිනෙකා එකම පවුලක් වගේ ලොකු අක්කා, ලොකු නංගි, පොඩි මල්ලි වගේ ආදරණීයව ආමන්ත‍්‍රණය කරගන්නවා.

හැම දෙයක්ම විශ්වාසභාවයකින් යුතුව සිද්ධ වෙනවා.

මේ කළමනාකරණය ඇතුළේ සෑම දිනකම අසරණ පත් ජනතාව වෙනුවෙන් කෑම 12,000ට වැඩි ප‍්‍රමාණයක් මෙහි බෙදාහැරීම් කටයුතු කරනවා. පළාත් පාලන ආයතන, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල, හමුදාව එක්ක සිද්ධ වෙන මනා සම්බන්ධීකරණයකින් ආහාර අත්‍යාවශ්‍යම තැනට යැවෙනවා.

මේ වන විට ආහාර පිසින්න වගේම මිනිස්සුන්ට අවශ්‍ය ආධාර විදියට ලැබුණු බොහෝ දේවල් මේ කුස්සිය ඇතුළේ පිරිලා තියෙන්නේ. ඒ දේවල් අවශ්‍ය අත්‍යාවශ්‍යම අය ළඟට යවන්න ඕන නිසාම අද (05) දවසෙන් පස්සෙ පිසූ ආහාර ලබා දීමේ මෙහෙවර නිමා කරන්න ඔවුන් තීරණය කරලා තියෙනවා. පෝය දවසෙ නිවාඩුවත් එක්ක මේදින ගණනාවටම ඉව්ව ලොකුම කෑම ප‍්‍රමාණය අද හැදේවි.

දින ගණනාවක් පුරාවට අපේම රටේ අපේම මිනිසුන් වෙනුවෙන් විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙයින් වූ සේවය එතනින් නිමාවේවි. නමක් ගමක් නොදන්නා මිනිසුන් වෙනුවෙන් පෙරට ආපු මිනිස්සුන්ගේ මනුස්සකමේ සුවඳ සදාකල් පවතීවි…

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...