විපක්ෂයේ හොඳ මන්ත‍්‍රීවරු 11ක් සමඟ කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීමට මාළිමාව සූදානම්

විපක්ෂයේ රටට ආදරය කරන හොඳ අපේක්ෂකයින් එක් කරගනිමින් ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට සූදානම් වෙමින් සිටියි.

ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මේ බව අනාවරණය කරමින් සඳහන් කළේ ඒ සඳහා සාධාරණ අයිතියක් ඇත්තේ සභිකයින් 48 දෙනෙකු හිමි කරගෙන ඇති ජාතික ජන බලවේගයට බවයි.

ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට මන්ත‍්‍රීවරු 11ක් අවශ්‍ය අතර සමගි ජන බලවේගයට ඒ සඳහා මන්ත‍්‍රීවරු 30ක් අවශ්‍ය බව ඔහු පෙන්වා දී තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනීය සමඟ පැවති සාකච්ඡාවක දී ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පවතින තත්ත්වය මෙලෙසින් පැහැදිලි කළේය.

”දකුණු බොරැල්ල ඡන්ද කොට්ඨාසයේ ප‍්‍රතිඵලය අනුව ජාතික ජනබල වේගයේ සෙව්වන්දි කොස්තා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 738යි, සජ‌බේ වෛද්‍ය හනීෆා ලබා ගත් ඡන්ද ප‍්‍රතිඵලය 472යි. එතකොට මේ ගමන ප‍්‍රථම වරට තරඟ කරපු පොඩි නංගි කෙනෙක්, ඒ් නංගිට පරාදයි නගරාධිපති අපේක්ෂක වෛද්‍ය රුවේස් හනීෆා. නගරාධිපති අපේක්ෂකයා පරාජයට පත්වෙලා කොළඹ නගර සභාවේ බලය සමගි ජනබලවේගයෙන් ගන්න හදනවා විසි වෙච්ච කණ්ඩායම් එකතු කරලා. සාධාරණයි ද?

අපේ නියෝජිතයෝ 48යි. ඒ ගොල්ලන්ගේ නියෝජිත ප‍්‍රමාණය 29යි. අපිට බලය පිහිටුවන්න 11ක් මදි. ඒ ගොල්ලන්ට බලය පිහි‌ටුවන්න 30ක් මදි. වඩා සාධාරණ වෙන්නේ බලය පිහිටුවන්න අපි ද?… සජබ ද?…

අපි කිව්වා දේශපාල පක්ෂ පක්ෂ ලෙසින් සහය ගන්නේ නැහැ කියලා. මේ කණ්ඩායම් අතරේ ඉන්නවා මේ රට හදන්න මේ නගරය හදන්න ආදරය කරන මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙන් අපිට 11දෙනෙක් ඇවිල්ලා හදන එක සාධාරණයි. ජයග‍්‍රහණය කරපු ස්වාධීන අපේක්ෂකයන් අපිත් එක්ක දැනටමත් ඔය 11ට වැඩිය කතා කරලා තියෙනවා.

ඒ නිසා විපක්ෂයට අපි කියනවා සමගි ජනබලවේගයට දැන ඔයගොල්ලේ බලය පිහිටු වීම වෙනුවෙන් මහන්සි වෙන්න එපා. විපක්ෂයේ කණ්ඩායම් අතර ඉන්න ප‍්‍රගතිශීලී මිනිස්සු අපි කරා ඇවිල්ලා ඉවරයි. ඉතිං ඒක නිසා විපක්ෂය ඕනි තරම් කතා කර හිටපු දෙන්.’’

Latest News

More like this

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න්ගේ දියණිය ඇප මත මුදා හැරේ..

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන...

දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට...

රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… ඇමති අනිල්

විධිමත් පරීක්ෂණයකින් තොරව රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය රජය ඇතුළාන්තයෙන්ම භාජනය විය යුතු පරීක්ෂණයකි… ජනපති අනුර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණය රජය, රජයේ ඇතුලාන්තයෙන්ම භාජනය...
error: Content is protected !!