අගමැති හරිනිට එරෙහිව විශ්වාසභංගයක් එන ලකුණු

අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය පසුගිය පළාත් පාලන මැතිවරණයේ නිහඬ කාල සීමාව පිළිබඳ කළ ප‍්‍රකාශයක් ආන්දෝලනයට හේතු වුණා.

එම ප‍්‍රකාශය පදනම් කරගෙන ඇයට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂ අභ්‍යන්තරයේ කතාබහක් නිර්මාණය වී ඇති බව විශ්වාසදායී මූලාශ‍්‍ර කිහිපයක් අනාවරණය කර තිබෙනවා.

අගමැතිනිය පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රචාරණ කටයුතු අවසන් කර නිහඬව ගත කරන කාල සීමාව තුළදීද ප‍්‍රචාරණ කටයුතුවල නිරතවන ලෙස වක‍්‍රකාරයෙන් ඉඟි ලබා දෙන ප‍්‍රකාශයට එරෙහිව මෙම විශ්වාසභංගය ගෙන ඒමටයි විපක්ෂය කටයුතු කරමින් සිටින්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විපක්‍ෂයේ සියලූ‍ පක්‍ෂ සමග මෙන්ම සමගි ජන බලවේගය මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද පුළුල් ලෙස සාකච්ඡුා කළ යුතු යැයි සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා තිබෙනවා.

අගමැතිවරිය සිදුකළ එම ප‍්‍රකාශය ඔස්සේ මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බවයි විපක්ෂයේ පොදු මතය වී ඇත්තේ.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!