කොළඹ බලය පිහිටුවීමට විපක්ෂ කණ්ඩායම්වල සහාය ගන්නේ නොමිලේ දෙනවනම් විතරයි

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය මේ වන විට විපක්ෂයේ කණ්ඩායම් සමඟ සාකච්ඡා සිදු කරමින් පවතී.

ජාතික ජන බලවේගයේ අමාත්‍ය විජිත හේරත් එය තහවුරු කරමින් කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා කැමැත්ත පළ කර ඇති බව සඳහන් කරනවා.

රටේ අගනගරය සහ ප්‍රධානතම වාණිජ නගරය ලෙස සැලකෙන කොළඹ ගොඩනැගීමේ ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙලට සහයෝගය දීමට එම මන්ත්‍රීවරු දැනටමත් සූදානම් බවයි විජිත හේරත් මහතා පවසන්නේ.

මේ අනුව පැහැදිලිවම කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේග විසින් පිහිටුවන බවත් පැවසූ ඔහු තවත් පළාත් පාලන ආයතන බොහොමයක මන්ත්‍රීවරුන් පාලනය පිහිටුවීම සඳහා එක්වීමට කැමැත්තෙන් සිටින බවද සඳහන් කර තිබෙනවා.

එම කිසිදු මන්ත්‍රීවරයෙකුට මුදල් දී පාලනයට එකතු කරගැනීමට කටයුතු නොකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!