රට හදන්න තිබුණු සියලුම බාධා අවසන් වුණා

ජාතික ජන බලවේගයට රට ගොඩනැගීමට පැවති සියලුම බාධාවන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සමඟ අවසන් වුණා.

මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වින් මහතාය.

ඒ මාධ්‍ය විමසුමකට ලබා දුන් ප්‍රතිචාරයක් වශයෙනි.

රජය ආරම්භ කළ දැවැන්ත ව්‍යාපෘති රැසක් ඒ අනුව ඉදිරියේදී වඩාත් හොඳින් ක්‍රියාත්මක වීමට නියමිත බවයි ඒ මහතා සඳහන් කළේ.

“මෙතෙක් පළාත් පාලන ආයතන පිහිටුවීම ගැටලුවක්ව පැවතුණා; එය කඩිනමින් පිහිටුවාගන්න ඕනෑකම අපට තිබුණා. මේ ඡන්දයත් සමඟ එය අවසන් වී තිබෙනවා. දැන් අපේ කාර්යය තමයි ආණ්ඩුව සැලසුම් කර තිබෙන ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ගත්තොත් රට පිරිසුදු කරන, පිළිවෙළ කරන, විනයවත් කරන මේ වැඩසටහන නිසි පරිදි ක්‍රියාවට නංවන්න නම් මේ පළාත් පාලන ආයතන අනිවාර්යයි. ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරය අප මේවන විට ආරම්භ කර තිබෙනවා. ඒකට මේ බිමෙහි ජයග්‍රහණය විශාල පන්නරයක්. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නැංවීමට මේ සභා අපට පාවිච්චි කරන්න පුළුවන්.

මෙතෙක් කල් පළාත් පාලන මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය වෙනස් කරලා, අලුත් හැඩයකින් අලුත් පළාත් පාලන මන්ත්‍රීවරයකු, ගමට රටට වැඩදායි නියෝජිතයකු නිර්මාණය කරන්න අප කටයුතු කරනවා. ආණ්ඩුවේ සැලසුම් සියල්ල ඉදිරියට ක්‍රියාත්මක කරන ගමන්, මේ පළාත් පාලන ආයතන යොදාගෙන අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍ය සේවය සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා”

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!