තරුණයෙකුට පහර දීමේ සිදුවීමකට චෝදනා ලැබ සිටින ජනප්‍රිය පහේ ශිෂ්‍යත්ව උපකාරක පන්ති දේශිකාවක් වන හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ කණ්ඩායම් තුනක් යොදවා තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඇය අත්අඩංගුවට ගැනීම සඳහා රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.
ටීචර් අම්මා ලෙස දරුවන් සහ මව්පියවරුන් අතර ජනප්‍රියව ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් හේතුවෙන් ඇය මේ වන විට රටම කතා කරන චරිතයක් බවට පත්ව සිටී.
මෑතකදී ශිෂ්‍යත්වය සමත් වූ සිසුන් වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට පොලිස් ආරක්ෂාව ගැනීම නිසා ඇය කතාබහට ලක් වුණා.
ඇයගේ ආයතනයේ සේවය කරන තරුණයෙකුගේ යටි බඩ ආශ්‍රිත ප්‍රදේශයට පහර එල්ල කිරීමක් සම්බන්ධයෙන් වාර්තා වුණේ ඒ අතරතුරයි.
මේ වන විට අත්අඩංගුවට ගැනීම සඳහා සොයන ඇය දුරකථනයද ක්‍රියා විරහිතකර තම දරුවාද සමග ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බවයි පොලිසිය පවසන්නේ.
අදාළ පහරදීම සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ ආයතනයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අදාළ පහරදීම සිදුකර ඇතැයි පැවසෙන්නේ පහර කෑ පුද්ගලයාගේ සහෝදරියක විසින් සමාජ ජාල ගිණුමක තැබූ සටහනක් සම්බන්ධයෙනි.