කැම්පස් තුළට බුද්ධි අංශ යොදවයි?

රජරට විශ්වවිද්‍යාලයේ නවක වදයෙන් පීඩාවට පත් සිසුවෙක් සිය දිවි හානි කරගැනීමේ සිදුවීමෙන් පසු විශ්ව විද්‍යාල තුළ නවක වදය වැළැක්වීමට පියවර ගන්නා ලෙසට රජයට දැඩි බලපෑම් එල්ල වුණා.

මේ පසුබිම තුළ නවකවදය ඇතුළු කටයුතු පාලනය සඳහා විශ්ව විද්‍යාල තුළට බුද්ධි අංශ යොදවන ලෙසට ද රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

විශ්ව විද්‍යාලවල උපකුලපතින් මෙම යෝජනාව රජයට ඉදිරිපත් කිරීමට ඇත්තේ සබරගමු සරසවිය සිසුවෙකුගෙන් සිය දිවි නසා ගැනීමෙන් පසු පැවති සාකච්චාවක් අතරතුරදී බවයි පැවසෙන්නේ.

ශිෂ්‍ය නේවාසිකාගාරවල පැතිරී පවතින මත්ද්‍රව්‍යයද මේ හරහා පාලනය කර ගැනීමට හැකි වන බවට ද ඔවුන් මත පල කර තිබෙනවා.

දැනට බුද්ධි අංශ විසින් සිදු කරන්නේ සිසුන්ගේ විරෝධතා සහ එවා මෙහෙයවන ප්‍රධානියා සම්බන්ධයෙන් සොයා බලා රජයට වාර්තා කිරීම පමණක් බවත් එය වෙනස් කළ යුතු කාලය පැමිණ ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...