ඉතිහාසයේ පළමු වරට ඉන්දියාවේ අගවිනිසුරු අසුනට බෞද්ධයෙක්..

ඉන්දියාවේ අධිකරණයේ ඉහළම ප්‍රධාන තනතුරවන අගවිනිසුරු ධුරයට (CJI) පළමු වතාවට බෞද්ධයෙකු පත් වී තිබෙනවා.

ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරුවරයා ලෙස බදාදා (මැයි 14) අලුයම ජනාධිපති ද්‍රෞපදී මුර්මු ඉදිරියේ දිවුරුම් දුන් ඔහු විනිසුරු භූෂාන් රාමක්‍රිෂ්ණා ගවායි ය.

ඔහුගේ ධුර කාලය මාස හයකට වැඩි කාලයක් පවතින අතර එය 2025 නොවැම්බර් 23 දිනෙන් අවසන් වීමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයාගේ නිර්දේශය මත ජනාධිපති මුර්මු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 124(2) වගන්තිය යටතේ ඔහුගේ පත්වීම සිදු කරනු ලැබුවා.

නීතිය හා අධිකරණ අමාත්‍යාංශය ඔහුගේ පත්වීම පිළිබඳ නිවේදනය නිකුත් කළේ අප්‍රේල් 29 වන දිනයේය.

විනිසුරු ගවායි 2019 මැයි 24 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් කරන ලැබූ අතර ඔහු ඊට පෙර බොම්බේ මහාධිකරණයේ සේවය කළ බව සඳහන්ය. පළමුව 2003 නොවැම්බර් සිට අතිරේක විනිසුරුවරයෙකු ලෙසත් පසුව 2005 නොවැම්බර් සිට ස්ථිර විනිසුරුවරයෙකු ලෙසත් සේවය කරනු ලැබූ විනිසුරුවෙකි.

විනිසුරු ගවායි මහාරාෂ්ට්‍රයේ අමරාවතී දිස්ත්‍රික්කයේ උපන් අයෙකි. ඔහු බිහාර්, කේරළ සහ සිකිම් හි හිටපු ආණ්ඩුකාර දිවංගත ආර් එස් ගවායි ගේ පුත්‍රයාය. ඔහු බී ආර් අම්බෙඩ්කාර් සමඟ බෞද්ධ ආගම වැළඳගත් අයෙක් බව සඳහන්ය.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...