ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුමෙහි කාල් මාක්ස්, ලෙනින් හෝ අවම වශයෙන් රෝහණ විජේවීර පවා දක්නට නොලැබුණු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
ඊයේ (මැයි 14) දින පැවති ජනතා විමුක්ති පෙරමුණේ හැට වැනි සංවත්සරයේ දී දක්නට ලැබුණේ පාක්ෂිකයන් පවත්වාගෙන යාම සඳහා යම් ප්‍රයත්නයක් දැරීම පමණයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම පාවා දී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්පූර්ණයෙන් එකිනෙකට විරුද්ධ දේශපාලන ප්‍රතිපත්ති සමඟ කටයුතු කරන පක්ෂ දෙකක් බැවින් ගමන අවසන් වෙන්නේ අර්බුදයකින් පමණක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
“ජාතික ජන බලවේගය මැයි දිනයේ කාල් මාක්ස්, ලෙනින් තියා අඩුම තරමේ විජේවීරගේ ෆොටෝ එකවත් තිබුණේ නෑ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති පාවා දීල ගිහිල්ලා තියෙන්නේ. පක්ෂය ඇතුලට එනකොට ආයෙ ඇවිත් වෙන බයිලා එකක් කියනවා.
ඔව් මං මේක අමතක කරන්නේ නෑ මගේ ඇඟේ මේක දුවනවා. ඒ නිසා ඉවසගෙන යමු කියලා ඊයේ පාක්ෂිකයන් මේන්ටේන් කරගන්න එතුමා යම් උත්සාහයක් දැරුවා. මතක තියාගන්න පිපිරීම එළියට ඇවිල්ල තියෙන්නෙ. මේක හදනකොටම අපි කිව්ව මේක එළහරකයි මී හරකයි වගේ කියලා.
NPP කියල කියන්නෙ වෙනම චින්තනයක් තිබෙන උදවිය. ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ වෙනම මතවාදයක් තමන්ගේ පක්ෂය වෙනුවෙන් ගොඩනගපු අය. ඒ දෙක එකට ගමන් කිරීමට බෑ කියල අපි කිව්වා. අර්බුදයකින් තමයි මේක කෙළවර වෙන්නෙ කියලා.
ජනාධිපතිතුමාගේ කතාව තුළ පැහැදිලි වෙනවා. ඒ අර්බුදය එළියට ඇවිත් තියෙන්නෙ. තව ඉස්සරහට යනකොට තව හොඳින් බලාගන්න පුළුවන්”