සජබ පුංචි ආණ්ඩුවේ බලය ඇල්ලීමේ සිහිනය බිඳ වැටේ…

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක බලය පිහිටු වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ සමගි ජන බලවේගය අතර පැවති සාකච්ඡා දෙපාර්ශවයේ එකඟතාවයකින් තොරව අවසන් කෙරුණා.

මෙම සාකච්ඡාවන්ගේ වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා. ම. පලනි දිගම්බරම් මහතා පවසන්නේ ඊයේ (15) දින රාත්‍රියේ පැවති සාකච්ඡාවද අසාර්ථක වූ බවකි.

මෙම සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා සහ තමන් අතර (15) දින රාත්‍රියේ කොළඹදී පැවති බවත්, එම සාකච්ඡාවේදි කොටගල, නුවරඑලිය, ආගරපතන, නෝර්වුඩ් යන ප්‍රාදේශීය සභාවල සභාපතිධූර ලංකා කම්කරු කොංග්‍රසයට ලබා දෙන ලෙසත්, හැටන් දික්ඔය නගර සභාව, තලවකැලේ ලිදුල, මස්කෙළිය ප්‍රාදේශීය සභාව සහ අනෙකුත් ඕනෑම පළාත් පාලන ආයතනයක බලය තමන්ට ලබා ගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයා ඉල්ලීමක් කල බව පැවසෙනවා.

වැඩි ඡනද දායකයින් පිරිසක් සිටින බල ප්‍රදේශවල සභාපති ධූරය ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමට තමන් එකග නැති බවත්, සම සම ලෙස පළාත් පාලන ආයතනවල සභාපතිධූරය බෙදා ගැනීමට ලංකා කම්කරු කොංග්‍රසය එකග නොවන්නේ නම් තමන් කිසිදු පළාත් පාලන අයතනයක බලය පිහිටු වීමට කිසිදු පක්ෂයකට සහයෝගය ලබා නොදී එම පළාත් පාලන ආයතන වල විපක්ෂයේ කටයුතු කරන බවයි පලනි දිගම්බරම් මහතා එහිදී පවසා ඇත්තේ.

තවද පක්ෂ නායකයින් එකතුවී පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා ඊළග ජනාධිපතිධූරය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන සාකච්ඡාවක් මිස පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට පවත්වන සාකච්ඡාවන් නොවන බව පලනි දිගම්බරම් මහතා මෙහිදී කියා සිටියා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!