මහින්දානන්ද අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගෙන තිබෙනවා.

ඒ ඔහු අමාත්‍ය ධුරය දැරූ සමයේ චීනයෙන් පොහොර ගෙන්වීමේ සිදුවීමට අදාළවයි.

මේ වන විට ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා රාජගිරියේ ඔහු පදිංචි නිවස සෝදිසි කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු එම ස්ථානයේ නොසිටීම නිසා ඔහු සොයා පොලිස් කණ්ඩායම් යොදා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ අද (මැයි 16) දිනයේය.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...