පාකිස්තානය වෙනුවෙන් ඔත්තු බැලූ ඉන්දීය යූ ටියුබර් අත් අඩංගුවට

පාකිස්තානය වෙනුවෙන් ඔත්තු බැලීම සහ සංවේදී ඉන්දීය හමුදා තොරතුරු පාකිස්තානයට ලබා දීම සම්බන්ධයෙන් ‘Travel With Jo’ සංචාරක යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන ජෝති මල්හෝත්‍රා නොහොත් ජෝති රාණි අත් අඩංගුවට පත්ව තිබෙනවා.

ඔත්තු බැලීමේ චෝදනාව යටතේ නඩු පවරා ඇති පුද්ගලයින් හය දෙනා අතර 33 හැවිරිදි ඇය ද සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ජෝති මල්හෝත්‍රා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරී ඉෂාන් අර් රහීම් සමඟ සම්බන්ධ වී අවම වශයෙන් දෙවරක් පාකිස්තානයට ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි එම වාර්තාවල සඳහන්.

කාශ්මීර්, පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූ ‘ඔපරේෂන් සින්දූර්’ වලින් පසුව, ඔත්තු බැලීම සහ ඉන්දීය හමුදාවේ සංවේදී තොරතුරු පිටකිරීමේ චෝදනාවට ඉෂාන් අර් රහීම් නීත්‍යානුකූල නොවන පුද්ගලයෙක් ලෙස ප්‍රකාශ කර පැය 24 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස දන්වා තිබුණා.

එමෙන්ම, පාකිස්තානයට ඉන්දීය හමුදා තොරතුරු ලබාදීමේ චෝදනාවට 25 හැවිරිදි ශිෂ්‍යාවක්, 24 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙක් ඇතුළු තවත් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...