ආණ්ඩුවේ ඩීසල් සහ ගල් අඟුරු මාෆියාව : නාමල්ගෙන් හෙළිදරව්වක්

ගල් අඟුරු සහ ඩීසල් සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වන මාෆියාවක් පිළිබඳ පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ අනාවරණයක් කරනවා.

ආණ්ඩුව යම් පිරිසකගේ උවමනාවට ගල් අඟුරු සහ ඩීසල්වලින් විදුලිය උත්පාදනය කරන බවයි ඔහු පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ හිරු බලය වැඩසටහනට එක් වෙමිනි.

“වර්තමාන ආණ්ඩුව බලයට ආවට පස්සේ පුනර්ජනනීය විදුලිය සඳහා තිබුණු සියලු ආයෝජන කැන්සල් කළා. පන්සල්වල සවි කළ සෝලා පද්ධතියට එකතු කළේ නෑ. ග්‍රිඩ් එක බැලන්ස් කරගන්න බැරිව ජල විදුලිය නතර කරලා ඩීසල් විදුලියට ගියා. වැඩි පිරිවැයකින් විදුලිය හදලා ඒ පාඩුව ජනතාව පිට පටවනවා.

ඊට පස්සේ IMF එකට බනිනවා. ඒක IMF එකේ වරදක් නෙමෙයි. ආණ්ඩුව යම් පිරිසකගේ උවමනාව ඉටු කරන්න ගල් අඟුරු සහ ඩීසල්වලින් විදුලිය උත්පාදනය කරනවා. ඉල්ලා අස්වූ බව කියන සභාපතිත් විදුලි ව්‍යාපාරිකයෙක්. ඔහු තීන්දු ගන්නේ තමන්ගේ ව්‍යාපාරයට මිස ජනතාවට වාසි වෙන විදිහට නෙමෙයි.”

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...