ආණ්ඩුවට බැරි නම් කොළඹ මහ නගර සභාව කොමසාරිස්වරු යටතට…

විපක්ෂ දේශපාලන පක්ෂ එක් වී කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට අවශ්‍ය 50% ක් ලබා ගත්තද ඔවුන්ට බලය පිහිටුවීමට අවස්ථාවක් ලබා නොදීම ජාතික ජන බලවේගයේ තීරණය වී ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආණ්ඩුවට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට නොහැකි වුවහොත් ඔවුන්ගේ ඊළඟ විකල්පය ලෙස කොමසාරිස්වරුන් ලවා එම නගර සභාව පාලනය කිරීමට ඔවුන් කටයුතුකරමින් සිටින බවයි වාර්ත වන්නේ.

ජාතික ජනබලවේගයේ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මාධ්‍ය කළ ප්‍රකාශයකින් එය තහවුරු වී තිබෙනවා.

කොළඹ නගර සභාවේ බලය විපක්ෂයට ගියහොත් අවශ්‍යතාවය පරිදි කොමසාරිස් පාලනයක් යටතට පත් කළ හැකි බවයි එහිදී ඔහු සඳහන් කළේ.

රජය උපරිම වශයෙන් මැදිහත් වූ කොළඹ නගර සභාවේ පාලනය බලය පිහිටුවීමටම කටයුතු කරන බවත් එසේ කර නොහැකි වුවහොත් කොමසාරිස්වරු හරහා පාලනය කිරීමේ හැකියාවක් ඇතැයි ඔහු කියා සිටියා.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!