යුක්‍රේනයේ අහිංසක සිවිල් වැසියන් ගමන් ගත් බස් රථයකට රුසියාවෙන් ප්‍රහාරයක්

ඊසානදිග යුක්රේනයේ සිවිල් වැසියන් ගමන් ගත් කුඩා බස් රථයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

සෙනසුරාදා උදෑසන බිලෝපිලියා හි රුසියානු දේශසීමාවට ආසන්න කලාපීය අගනුවර වන සුමි වෙත ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගෙනයි මෙම ප්‍රහාරය එල්ල වුණේ

ප්‍රහාරයෙන් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව කලාපීය හමුදා නායකයින් තහවුරු කර තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ බස් රථයට එල්ල වූ ප්‍රහාරය “සිවිල් වැසියන් හිතාමතා ඝාතනය කිරීමක්” බවයි. රුසියානු හමුදාවන් “ඔවුන් කුමන ආකාරයේ වාහනයකට පහර දෙනවාද යන්න තේරුම් ගැනීමට නොහැකි වී ඇති බවයි සෙලෙන්ස්කි පෙන්වා දෙන්නේ.

රුසියාව අදහස් දක්වා නොමැති නමුත් රාජ්‍ය මාධ්‍ය, හමුදා සුමි පළාතේ “මිලිටරි ප්‍රදේශයකට” පහර දී ඇති බව වාර්තා කර තිබුණා.

Latest News

error: Content is protected !!