ලංකාවේ ප්‍රථම මී මැසි උයන විවෘත වේ

ශ්‍රී ලංකාවේ මී පැණි අවශ්‍යතාවය වෙනුවෙන් විද්‍යාත්මකව මී මැසි පාලනය දියුණු කිරීමේ අරමුණින් ඉදි කෙරෙන ලංකාවේ ප්‍රථම මී මැසි උද්‍යානය පසු ගිය 18 වැනිදා පෙ.ව. 10.00 ට බිංගිරිය, විහාරගම BLESS Nature Park හිදී (බිංගිරිය දේවගිරි රජමහා විහාරය අසල) විවෘත කෙරුණා.

ඒ BLESS Nature Park කළමනාකරණ මණ්ඩලයේ සභාපති, බිංගිරිය දේවගිරි රජමහා විහාරාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය පඩිවෙල සෝරත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බිඟුසම්පත සුරැකීමේ සංවිධානයේ ගරු ලේකම් තිස්ස බණ්ඩාර මහතාගේ සහ BLESS Nature Park කළමනාකරණ මණ්ඩලයේ ලේකම් නිලනොලත් මහෙස්ත්‍රාත්, නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි මහතාගේ සහභාගීත්වයෙනි.

මෙරට මී මැසි පාලනය සඳහා විද්‍යාත්මක ක්‍රමයක අවශ්‍යතාව දිගුකාලයක් තිස්සේ පවතින්නකි. දැනට විදෙස් රටවලින් පවා මීපැණි මෙරටට ගෙන්වන අතර ශ්‍රී ලංකාව මී පැණිවලින් ස්වංපෝෂිත කිරීම මී මැසි උද්‍යානයේ ප්‍රධාන අරමුණ ලෙසයි හැඳින්වෙන්නේ. ඒ සඳහා ජනතාවට විද්‍යාත්මකව මී පැණි පාලනය පිළිබඳව ප්‍රායෝගික හා තාක්ෂණික දැනුම අවශ්‍ය වෙනවා. ලංකාවේ ප්‍රථම මී මැසි උද්‍යානය නිර්මාණය වන්නේ මෙම අවශ්‍යතාව පෙරදැරිවය.

බිංගිරිය මී මැසි පාලන උද්‍යානය අනාගතයේදී ශ්‍රී ලංකාවේ ආධුනික සහ ප්‍රවීණ මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව ලබා දෙන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතය. ප්‍රථම අදියර යටතේ වනාන්තරය පුරා ශාකවල මැටි කලගෙඩි රඳවන අතර එම කලගෙඩිවලට පැමිණෙන මී මැස්සන් පෙටිට් ගත කිරීම දෙවන පියවර ලෙසත් තුන්වන පියවර ලෙස මී මැස්සන් බෝ කිරීම හා සංරක්ෂණය කිරීම සිදු කරනු ලබනවා.

ඒ සඳහා අත්‍යාවශ්‍ය බොහෝ ගෝචර ශාකයන් මෙම උද්‍යානය තුල පිහිටා ඇති බව සඳහන්ය. එම රමණීය භූමි භාගය අනාගතයේදී දෙස් විදෙස් සංචාරක තෝතැන්නක් වනු වනු ඇතැ‍යි පූරෝකථනය කළ හැකිය.

ආධුනික මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව, තාක්ෂණික උපකරණ, ලිපි ලේඛන, පොත්පත් සියල්ලම මෙම ස්ථානයේදී ලබා ගැනීමට හැකියාව පවතී. අනාගතයේදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය අපූරු දායාදයක් වන මෙම මී මැසි උද්‍යානය සංවර්ධනය කර අවසන් කළ පසු දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත ආරාධනයක් සිදු කිරීමට නියමිතය.

Latest News

More like this

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

බංගලාදේශයේ ජෙට් යානය පාසලට කඩාවැටීමෙන් මිය ගිය ගණන ඉහළට… බහුතරය පන්ති කාමරයෙන් එළියට දැමූ දරුවන්

බංග්ලාදේශ ප්‍රහාරක ජෙට් යානයක් ඩකා අගනුවර පාසලකට කඩා වැටීමෙන්...
error: Content is protected !!