චීනෙන් දූෂිත පොහොර ගෙන්වූ මහින්දානන්ද රිමාන්ඩ්…

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දා නන්ද අලුත්ගමගේ ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් හානිකර බැක්ටීරියා සහ රෝග කාරක වලින් දූෂිත වූ කාබනික පොහොර තොගයක් ආනයනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දා නන්ද අලුත්ගමගේ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

පොහොර නැව ගෙන්වීමෙන් ඔහු රජයට රුපියල් මිලියන 13 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වෙනවා.

එම වරෙන්තුවට අදාළව ඔහු අත් අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් ආරම්භ කරනු ලැබූ අතර ඔහු සැඟවී සිටි බවයි වාර්තා වුණේ.

අද (19)ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!