නාමල් වෙනුවට ලිමිණි? පොහොට්ටුවේ ඊළඟ ජනපති අපේක්ෂකයා ගැන සෝෂල් මීඩියා කැළඹෙයි!

(Lakvahini) – දේශපාලන කරළියට තවත් අලුත් පෙරළියක් එන්න යනවද? මේ දිනවල සමාජ මාධ්‍ය පුරාම වේගයෙන් පැතිරෙන කතාවක් නිසා දේශපාලන ලෝලීන්ගේ අවධානය එකවරම යොමුවෙලා තියෙනවා.

ඒ තමයි 2029 ජනාධිපතිවරණ සටනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් විය හැකි බවට පැතිර යන කතාබහ! 😮

පසුගිය දින කිහිපය පුරා Facebook සහ TikTok ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල මේ කතාව දැඩි ලෙස සංසරණය වෙමින් තිබුණා. වත්මන් ආණ්ඩුව විසින් පොහොට්ටුවේ ප්‍රබලයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග දැඩි කළ හැකි බවට පළවන වාර්තාත් සමඟ මේ කතාබහ තවත් උණුසුම් වුණා.

හැබැයි මේ රාවය මතු වුණේ නිකන්ම නෙවෙයි කියලත් සමහරු කියනවා. පසුගිය කාලයේ නාමල් රාජපක්ෂ මහතා නියෝජනය කරමින් විවිධ උත්සව සහ සමාජ අවස්ථාවලට ලිමිණි රාජපක්ෂ මහත්මිය සහභාගී වූ ආකාරය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා.

මේ අතර සමාජ මාධ්‍යවල පැතිර යන කතාබහට පිළිතුරක් ලෙස පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කර තිබුණේ, පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහතාම බවයි.

ඒත් දේශපාලන විචාරකයන් අතර තවත් කතාබහක්! ඔවුන් පවසන්නේ ලිමිණි රාජපක්ෂ සම්බන්ධයෙන් පැතිරෙන රාවයන් යටපත් කිරීමට මෙම ප්‍රකාශය සිදුකර ඇති විය හැකි බවයි.

කෙසේ වෙතත්, ලිමිණි රාජපක්ෂ මහත්මිය දේශපාලනයට පිවිසෙන බවට මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නැහැ. ඒ නිසා මේ වන විට සංසරණය වන්නේ සමාජ මාධ්‍ය කතාබහක් සහ දේශපාලන අනුමාන පමණයි.

එහෙත් ලංකාවේ දේශපාලනයේ ඊළඟ පෙරළිය කොයි මොහොතේ එයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා මේ කතාවත් දේශපාලන වේදිකාවේ ඉදිරියට යන විදිය ගැන බොහෝ දෙනා දැන් ඉඳන්ම අවධානයෙන් බලාගෙන ඉන්නවා. 👀🔥

Latest News

error: Content is protected !!