කොළඹ හදවතේ හිස් ඉඩම් ගැන දැවැන්ත තීරණයක්!

(Lakvahini) – මේ දවස්වල කතා වෙන ලොකුම ගොසිප් එකක් තමයි ඌන උපයෝජිත ඉඩම් ගැන තියෙන මේ අලුත් සැලසුම! 😳

කතාව මෙහෙමයි…
රටේ වටිනාම, මිල අධිකම ඉඩම් ටිකක් තියෙනවාලු වැඩක් නැතුව හරි අඩු ප්‍රයෝජනයකින් පාවිච්චි වෙන. විශේෂයෙන්ම කොළඹ පැත්තේ දුම්රිය අධිකාරියට අයිති වගේ ලොකු ඉඩම් ගැනත් මේ කතාව යනවා. 🏙️

“මේ ඉඩම් ටික ඔහොමම තියලා දාන්නද? නැත්නම් ආයෝජන වලට දොර ඇරලා රටට ලොකු ආදායමක් ගන්නද?” කියන ප්‍රශ්නය දැන් උඩටම ඇවිත් 😮

පහුගිය කාලේත් ඔය වගේම ලොකු ලොකු වෙනස්කම් වෙලා තියෙනවනේ…
👉 ගෝල්ෆේස් පැත්තේ තිබුණ ලොකු හමුදා ඉඩම දැන් බලන්නකෝ… ෂැංග්‍රිලා, වන් ගෝල්ෆේස්, ලොකු හෝටල්, මෝල්, රෙස්ටුරන්ට් එක්ක “සුරපුරයක්” වගේ වෙලා 😍
👉 වැල්ලවත්තේ රෙදිමෝල තිබුණ ඉඩමත් අද හැවලොක් සිටි වගේ දැවැන්ත නගරයක් වෙලා!

ඉතින් මේවා දැක්කම කවුරුත් කියනවා…
“ඔහොම තමයි රටක් ඉස්සරහට යන්නේ!” කියලා 💥

හැබැයි මේ අලුත් සැලසුමටත් ලොකු බාධාවක් තියෙනවලු 😬
👉 රජයේ ඉඩම් ආඥා පනත
👉 ඉඩම් සංවර්ධන ආඥා පනත
👉 පරණ චක්‍රලේඛ

මේව හින්දා “කැමති විදිහට වැඩ කරන්න බැහැ” කියන කතාවක් තමයි ඇහෙන්නේ.

ඉතින් මේ ගැන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අයත් ජනාධිපති හමුවෙලා ලොකු සාකච්ඡාවක් කරලා තියෙනවා. 🏛️

ඔය සාකච්ඡාවේදී කියලා තියෙන්නේ…
👉 “වැඩක් නැති ඉඩම් නව ආයෝජන වලට විවෘත කරමු”
👉 “නීතිත් අලුත් කරලා, බාධා ඉවත් කරමු”
👉 හැබැයි “ජාතික සම්පත් හොර පාරේ යන්න දෙන්න එපා” කියන කාරණයත් තදින්ම කියලා තියෙනවා ⚠️

අවසානයේ ජනාධිපතිවරයා කිව්ව දේ තමයි ලොකුම punch එක 💥
👉 “කමිටුවක් දාලා හොඳ සැලසුමක් හදාගෙන එන්න. ඒක approve කරන්න මම සූදානම්.”

😱 ඉතින් දැන් හැමෝම බලන් ඉන්නේ…
මේ “හිස් ඉඩම් ටික” ඇත්තටම අලුත් ආර්ථික සුරපුරයක් වෙනවද කියලා!

Latest News

error: Content is protected !!