සජබ එජාප හොඳ මන්ත්‍රීවරුන්ට මාළිමාවේ දොර ඇරේ

මෙවර පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීමට ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂය ද දරන උත්සහාය තවමත් අවසන් වී නැහැ.

මේ අනුව ජාතික ජන බලවේගය ස්වාධීන අපේක්ෂකයින් සමඟ ඊයේ (19) පැවති සාකච්ඡා සාර්ථක වූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් සභාවේ බලය පිහිටුවීම සඳහා එම ස්වාධීන අපේක්ෂකයින්ගේ සහාය පමණක් ප්‍රමාණවත් නොවන බැවින් ජාතික ජන බලවේගය මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගැනීමට ද අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. ඒ අනුව තවත් සාකච්ඡා කිහිපයක් ඉදිරියේ දී සිදු වීමට නියමිතය.

කිසිවකුට බහුතරයක් හිමි නොවූ කොළඹ මහ නගර සභා බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය බහුතරය සකස් කර ගැනීම ඒ අනුව ආසන්න මට්ටමක පවතින බව වාර්තා වෙනවා.

කොළඹ නගර සභාවට ස්වාධීන මන්ත්‍රීවරුන් නව දෙනෙකු තේරී පත්වී සිටින අතර ජාතික ජන බලවේගය දිනා සිටින ආසන සංඛ්‍යාව හතළිස් අටකි.

නමුත් කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට ආසන පනස් නවයක් අවශ්‍ය වී තිබෙනවා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...