මාස දෙකකට පසු ගාසා තීරයට මූලික ආහාර පමණක් ලබා දීමට ඊශ්‍රායලයෙන් අවසර..

මාස දෙකක කාලයක් පුරා පැවති ආධාර අවහිරයකින් පසුව ගාසා තීරයට ආහාර ලබා දීමට ඊශ්‍රායලය එකඟ වී ඇතත් එය මූලික ප්‍රමාණයකට සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඊශ්‍රායලය මෙම අවසරය ලබා දුන්නේ සති කිහිපයක් තිස්සේ සිය විශාලතම ගොඩබිම් ප්‍රහාරය වේගවත් කරමින් සිටින අතරතුරයි.

මාස දෙකකට පෙර පනවා තිබූ සම්පූර්ණ සම්බාධක ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තරව එල්ල වන පීඩනය ඉහළ යාම මධ්‍යයේ ඊශ්‍රායලය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ගාසා තීරයේ කුසගින්න පිළිබඳ අර්බුදයක් ඇති නොවන බව සහතික කිරීම සඳහා ජනගහනය සඳහා මූලික ආහාර ප්‍රමාණයක් ලබා දීමට ඊශ්‍රායලය අවසර දී ඇතැයි බවයි.

එවැනි අර්බුදයක් එහි හමුදා අරමුණු අඩාල කළ හැකි බව පවසන එම නිවේදනය වැඩිදුරත්, හමාස් මෙම මානුෂීය ආධාර අත්පත් කර ගැනීම වැළැක්වීමට අවශ්‍ය පියවර ඊශ්‍රායලය විසින් ගනු ඇතැයි අවධාරණය කර තිබෙනවා.

ගාසා තීරයට සැපයුම් අවහිර කිරීම ආරම්භ වූ දා සිට එක්සත් ජාතීන්ගේ ආයතන ආහාර, පිරිසිදු ජලය, ඉන්ධන සහ ඖෂධවල බරපතල හිඟයක් පිළිබඳව අනතුරු අඟවා තිබුණා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!