සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

“හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට සාධාරණව සලකන්න”

“මා ගැන සිතන, මා දකින, මා ගැන අසන, මට කතා කරන, මා ගැන කතා කරන, මා ගැන කියවන, මා ගැන ලියන සහ අද මා හමුවන සෑම කෙනෙකුටම මම ආශිර්වාද සහ ආදරය යවමි.” චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන රාජ් නිදිමෝරුගේ බිරිඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ මෙම ගුප්ත වැකි කිහිපයක් මේ දිනවල පැතිර යන කටකතාවකට තටු ලබා දී තිබෙනවා.

දකුණු ඉන්දියානු ජනප්‍රිය නිළි සමන්තා රූත් ප්‍රභූ චිත්‍රපට අධ්‍යක්ෂ නිදිමෝරු සමඟ ආදර සම්න්බන්ධතාවයක් පවත්වමින් සිටින බව මෑතකාලීනව පැතිර ගිය කටකතාවකි. නමුත් එය කටකතාවකට පමණක් සීමා නොවුණේ සමන්ත සහ රාජ් ඔවුන්ගේ සමාජ මාධ්‍යවලින් ඔවුන් සමීපව එකට කටයුතු කරන ඡායාරූප පළ කිරීම නිසාය. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය පිළිබඳ කටකතා අරම්භ වුණේ පසුගිය පෙබරවාරි මාසයේ සමන්තා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ World Pickleball League තරඟය නැරඹීම සඳහා රාජ් සමඟ සහභාගී වූ ඡායාරූප කිහිපයක් පළ වීමත් සමඟය.

මෑතකදී ඔවුන් දෙදෙනා එකට වැඩ කරන අතරතුර සහ ඇගේ මංගල චිත්‍රපට නිෂ්පාදනයේ වැඩ ආරම්භ කරමින් ගුවන් ගමනක් අතරතුර ලබා ගත් ඡායාරූප කිහිපයක් ද කතා බහට ලක් වුණා.

රාජ්ගේ බිරිඳ ෂ්‍යාමලී ඇගේ සමාජ මාධ්‍යවල ගුප්ත සටහන් බෙදා ගැනීම ආරම්භ කළේ ද ඒ සමඟයි. ඒවා සමන්තා සහ රාජ්ගේ ප්‍රේමය නිසා බිඳ වැටුණු ඔවුන්ගේ විවාහ ජීවිතය පිළිබඳ ඉඟියක් විය හැකි බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ.

2022 වසරේ දී රාජ් ශ්‍යාමලී වෙන් වූ බව වාර්තා වූ නමුත් ඔවුන් දෙදෙනාම එය තහවුරු කර නැහැ.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

නස්රියා නසීම් ෆහාද් මානසික කඩාවැටීමක

නස්රියා නසීම් ෆහාද් දකුණු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ වඩාත්ම ආකර්ෂණීය...
error: Content is protected !!