ලෝකයේ ප්‍රථම ගොනෝරියා එන්නත සොයා ගනී

ලිංගිකව සම්ප්‍රේෂණය වන ගොනෝරියා ආසාදනය සඳහා ලොව ප්‍රථම එන්නත එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) විසින් සොයා ගෙන තිබෙනවා.

එහෙත් මෙය ආරම්භයේදී සෑම කෙනෙකුටම ලබා ගත නොහැකිය. එය මුලදී බහු ලිංගික සහකරුවන් හෝ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ඉතිහාසයක් ඇති සමලිංගික සහ ද්විලිංගික පිරිමින් කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

එන්නතේ ඵලදායිතාවය රඳ පවතින්නේ 30%ත් 40% ත් අතර අගයකයි. නමුත් එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවා ආයතනය මෙමඟින් උත්සහ ගන්නේ ඉහළ යන ආසාධිතයන් අවම කර ගැනීමටයි.

1918 දී වාර්තා ආරම්භ වූ දා සිට එංගලන්තයෙන් ඉහළම රෝගීන් සංඛ්‍යාව වාර්තා වුණේ 2023 වසරේදීය. එම වසරේ ගොනෝරියා රෝගීන් 85,000ක් වාර්තා වුණා.

ගොනෝරියා සෑම විටම රෝග ලක්ෂණ නොපෙන්වයි. නමුත් වේදනාව, අසාමාන්‍ය ශ්‍රාවයන්, ලිංගික අවයවවල දැවිල්ල සහ වඳභාවය වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

ප්‍රතිශක්තිකරණ එන්නත සඳහා කොපමණ ප්‍රමාණයක් තෝරාගන්නේ ද යන්න එංගලන්ත සෞඛ්‍ය අංශ මෙතෙක් හෙළි කර නැහැ. නමුත් ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි අනුමානවලට අනුව මෙම එන්නත ජනප්‍රිය වුවහොත් එය රෝගීන් 100,000 ක් දක්වා අඩු වනු ඇති බව පෙන්වා දෙනවා. ඉදිරි දශකය තුළ එමඟින් ජාතික සෞඛ්‍ය සේවයට පවුම් මිලියන 8 කට ආසන්න මුදලක් ඉතිරි කර ගත හැකි බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!