විගණකාධීපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපති යොමු කළ නම ප්‍රතික්ෂේප කරයි

ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාව වෙත විගණකාධිපති තනතුර සඳහා පත්කිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන එච්.ටී.පී චන්දනගේ නම යොමු කර තිබිණි.

ඊයේ රැස්වූ ව්‍යවස්ථා සභාව එම නම සළකා බැලීමේදී එකඟතාවයක් ඇති නොවීම හේතුවෙන් ඡන්ද විමසීමක් සිදුකර ඇතැයි වාර්තා වෙයි. එහිදී වැඩි ඡන්දයෙන් එම නම ප්‍රතික්ෂේප වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කෙරේ.

ඊට පක්ෂව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍ය බිමල් රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආදම් බාවා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනා විරෝධතාවය ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මෙම රැස්වීමට සහභාගි වී නැත.

පසුගිය දිනයේදීද රැස්වී ඒ පිළිබඳව ව්‍යවස්ථා සභාවේ එකඟතාවයක් ඇති නොවීම හේතුවෙන් මෙම සලකා බැලීම අද දිනය දක්වා කල්තැබීමට තීරණය කරන ලදී.

වසර 225ක ඉතිහාසයේ අවස්ථා දෙකකදී හැර විගණකාධිපතිවරු 41 දෙනෙක් පත්කර ඇති සම්ප්‍රදාය රාජ්‍ය විගණන සේවයේ සුදුසුකම් සහිත ජේෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාවය ලබාදීමයි.

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ ජේෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා විගණකාධිපති ධුරයට පත් නොකර වෙනත් බාහිර පුද්ගලයෙකු පත් කිරීමට දරන උත්සාහයට ජාතික විගණන කාර්යාල වෘත්තිය සමිති එකමුතුව දැඩි විරෝධයක් මතුකර තිබේ.

ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, රාජ්‍ය සහකාර විගණන අධිකාරී සංගමය, රජයේ විගණන නිලධාරී සංගමය ඒකාබද්ධ ඒකමතික විරෝධයක් දක්වා ඇත.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...