නැෂනල් ක්‍රෂ් එක අනුදිට ආදරයෙන් ලියමි….

රාජ්‍ය නායකයකුගේ කතාවකට පස්සෙ මුළු ලංකාවම වැඩිම උනන්දුවකින් ඇහුව කතාව අනුදි ගුණසේකර ලෝක රූ රැජිණ හෙඩ් ටු හෙඩ් වටයේ කරපු මේ කතාව වෙන්න ඕන.

බස් එකේ කෝච්චියේ කඩපිලේ හැම තැනකම ඇගේ කතාව ඇහුණ වගේම සෝෂල් මීඩියාවල වෛරල් වුණා.

ඇය ඉංග්‍රීසියෙන් කරපු කතාව මෙලෝ දෙයක් වැටහෙන්නෙ නැති මේ රටේ අන්තිම කොණේ මනුස්සයා වුණත් ඇය දිහා බලාගෙන ඉන්න ඇති කියල හිතෙන තරමට පුදුම හිතෙන පෞරුෂයක් ඇයට තිබෙනවා.

මේ තරගයට ඇය ලංකාවෙන් පිට වුණවෙලාවේ ඉඳන් මිනිස්සුන්ගෙන් ඇයට ලැබුණේ පුදුමාකාර ආදරයක්, ආකර්ශනයක්. මුල ඉඳන් හොඳ අතට වැඩ කළ සෝෂල් මීඩියා කැම්පේන් එක ඒකට බලපාන්න ඇති.

අවසානයේ කාලෙකට පස්සෙ මේ පුංචි දූපතේ නැෂනල් ක්‍රෂ් එක බවට පත්වෙන්න ඇයට පුළුවන් වෙලා තියෙනවා.

මේ හැමදේම එක්ක අද කතාවේ අපි දැකපු අඩුපාඩු හයිලයිට් කරන්න මෙය වෙලාව නොවෙන බවත් කියන්නම ඕන.

Miss World Pageant එකේ Head to Head Challenge කතා කරපු සියලු දෙනා අතර ඇය කැපී පෙනෙන නමුත් ඇගේ කතාව ඇයට මේ වන විට හුරේ දාන දූපත ඉලක්ක කරගත්ත එකක් වුණු බවත් නොකියා බැහැ.

විශේෂයෙන් තමන්, තමන්ගේ රට, ඇගේ Beauty with Purpose ව්‍යාපෘතිය ගැන කියන්න තිබුණු ඉතාම තීරණාත්මක පුංචි කාල සීමාව ඇතුළේ ජ්‍යෙතිෂයකරුවකු ඇය පිළිබඳ කියූ අනාවැකියක් පිළිබඳ කියන්න යාම අපරාදේ.

උදාහරණයක් විදියට සෝමාලියානු රූ රැජිණ සෙනීබ් ජමාගේ කතාව මුළු ලෝකෙම කම්පාවට පත් කරපු කතාවක් වෙනකොට අනුදිගේ කතාව සමපාත වුණේ අපිට විතරයි.

අනුදි ඉන්නෙ ජ්‍යාත්‍යන්තර තරගයක. මෙහේ ඕඩියන්ස් එක සතුටු කරන්න ඇයට තව බොහෝ කල් සහ වෙලාව තියෙනවා.

තරගය ඊට වඩා ප්‍රබලයි. තියුණුයි. අවධානය දිය යුත්තේ එයටයි.. රටේ මිනිසුන්ගේ හදවත් ඇය දැනටමත් දිනාගෙන අවසන්.. මෙය ඉවක් බවක් නැතුව වර්ණනා කරන හුරේ දාන සියලු දෙනා පිනවන වෙලාව නෙවෙයි.

මෙය ලියා තබන්නේ ද ඉදිරි වටවලදී එවැනි වැරදි මඟ හැර යාමට ඇයට ශක්තියක් වීමට පමණයි.

ඔබට කිරුළ අයිතියි…. ඔබ ඉන්නේ රටට කිරුළ දිනා දීමට ආසන්නතම අවස්ථාවකය.

එය දිනා ගැනීමට තව තවත් ශක්තිමත් වෙන්න…

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!