ඝාතනය වූ ඇමරිකා ඊශ්‍රායල තානාපති කාර්යාලයේ සේවකයින් දෙදෙනා පෙම්වතුන් බවට කම්පන සහගත හෙළිදරව්ව

යාරොන් ලිස්චින්ස්කි තම පෙම්වතිය වන සාරා මිල්ග්‍රිම්ට විවාහ ගිවිස ගැනීමේ මුද්දක් මිලදී ගත්තේ ලබන සතියේ ජෙරුසලමේ සංචාරයක් අතරතුර විවාහ ගිවිස ගැනීමට යෝජනා කිරීම සඳහාය.

එහෙත් අවාසනාවන්ත ලෙස ඔවුන් දෙදෙනාටම ජීවිතයේ ඒ වටිනාම මොහොත පෙනී පෙනී අහිමි වී ගියේ ‘පලස්තීනය නිදහස් කරනු’ යනුවෙන් කෑ ගැසූ පුද්ගලයෙකුගේ වෙඩි තැබීමකින් දිවි ගමන සදහටම නතර කිරීමට සිදු වීමෙනි.

පෙරේදා වොෂොන්ටන් ඩීසී හි යුදෙව් කෞතුකුගාරය ඉදිරියේ ඝාතනය වූ එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ සේවය කරන සාමාජාකයන් දෙදෙනා වූයේ ඔවුන් දෙපළයි.

ඔවුන් එම අවස්ථාවේ යුදෙව් කෞතුකාගාරය අසළ සැමරුමකට එක්ව සිටි බවයි වාර්තා වුණේ. මෙම ඝාතනය ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ඔවුන්ගේ සගයන් භීතියටත් කම්පාවටත් පත් කර ඇති අතර ජ්‍යාත්‍යන්තර කෝපයකට හේතු වී තිබෙනවා.

“ඔවුන් ලස්සන යුවළක්. ඝාතනය වූ දෙදෙනා පෙම්වතුන්…. ඔහු ලබන මාසයේ විවාහ ගිවිස ගැනීම සඳහා යෝජනා කිරිමට බලාපොරොත්තුවෙන් හිටියා..” තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු වන 30 හැවිරිදි එලියාස් රොඩ්‍රිගස් නැමැත්තා මේ වන විට පසුවන්නේ අත්අඩංගුවේය. ප්‍රහාරය ත්‍රස්තවාදයට ද නැතිනම් වෙනත් වෛරී අපරාධයකට සම්බන්ධද යන්න පිළිබඳ FBI විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මකය.

වෙඩි තැබීම “විෂ සහිත යුදෙව් විරෝධී උසිගැන්වීමේ” සෘජු ප්‍රතිඵලයක් බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...