ලෝක රූ රැජිණ තරගයේ අවසන් වටයට ගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූ අනුදි

72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබුවා.

ඒ එම වටයට ආසියානු ඕෂනියා කලාපයෙන් එක් වූ ප්‍රබල තරගකාරියන් පස් දෙනා අතරට එක් වෙමිනි.

ඇය සමගින් මෙම වටයට ආසියානු සහ ඕෂනියා කලාපයෙන් තායිලන්ත, තුර්කි, ලෙබනන් හා ජපාන තරගකාරියන් තේරීපත්ව සිටිනවා.

මෙම වටයට අනුදිගේ පැමිණීම ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලාංකිකයකු එම අවස්ථාව සනිටුහන් කළ පළමු අවස්ථාව ලෙස ඓතිහාසික වන්නකි.

වසර 74ක ලෝක රූ රැජින තරග ඉතිහාසයේ Head-to-Head Challenge අංශයෙන් අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ඇයයි.

එමෙන්ම අනුදිගේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ මෙවර ලෝක රූ රැජින තරගයෙන් මෙතෙක් පැවති තරග අංශ දෙකෙහිම අවසන් වටයට පැමිණි ආසියාවේ එකම තරගකාරියද ඇය වීමය.

අනුදි සහභාගිවන Head-to-Head Challenge අංශයේ අවසන් 20 දෙනා සහභාගිවන අවසන් තරගය අද (23) පැවැත්වීමට නියමිතව ඇත.

Latest News

More like this

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න්ගේ දියණිය ඇප මත මුදා හැරේ..

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන...

දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට...

රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… ඇමති අනිල්

විධිමත් පරීක්ෂණයකින් තොරව රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය රජය ඇතුළාන්තයෙන්ම භාජනය විය යුතු පරීක්ෂණයකි… ජනපති අනුර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණය රජය, රජයේ ඇතුලාන්තයෙන්ම භාජනය...
error: Content is protected !!