හාවර්ඩ් විශ්වවිද‍යාලය ජ්‍යාත්‍යන්තර සිසුන්ට තහනම් වේ

එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හාවඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම තහනම් කරන දැඩි තීරණයකට එළැඹී තිබෙනවා.

මෙම තීරණය දහස් ගණනක් විදේශීය සිසුන්ගේ අනාගතය අවිනිශ්චිත තාවකට ඇද දැමූ තීරණයකි. මේ අනුව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හා හුවමාරු ආගන්තුක වැඩසටහන (SEVP) අවසන් කරන ලෙස ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ට්‍රම්ප් පරිපාලනයේ චෝදනාව වී තිබෙන්නේ හාර්වඩ් විශ්වවිද්‍යාලය විදෙස් සිසුන්ට විවෘත කිරීමෙන් ඇමරිකානු විරෝධී, ත්‍රස්තවාදී හිතවාදී උද්ඝෝෂකයින්ට යුදෙව් සිසුන් ඇතුළු පුද්ගලයින්ට හිරිහැර කිරීමට සහ ශාරීරිකව පහර දීමට ඉඩ දී ඇති බවයි.

මෙම තීරණයෙන් අදහස් වන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට තවදුරටත් විදේශීය සිසුන් ඇතුළත් කර ගත නොහැකි අතර පවතින විදේශීය සිසුන්ට ඔවුන්ගේ නීතිමය තත්ත්වය මාරු කළ යුතු හෝ අහිමි කළ යුතු බවයි.

2025-26 අධ්‍යයන වර්ෂය සඳහා F හෝ J සංක්‍රමණ නොවන තත්ත්වය මත කිසිදු විදේශික සිසුවකු සිටීම තහනම් කර ඇති බව නොයම් විසින් හාවර්ඩ් විශ්ව විද්‍යාලයට යැවූ ලිපියේ සඳහන් වෙනවා.

තවමත් උපාධිය සම්පූර්ණ කර නොමැති සිසුන් වෙනත් විශ්ව විද්‍යාලයකට මාරු විය යුතුය. නැතහොත් ඔවුන්ට එක්සත් ජනපදයේ රැඳී සිටීමට නීතිමය අවසරය අහිමි වනු ඇතැ‍යි අදාළ නිවේදනයේ දැක්වෙනවා.

හාවර්ඩ් නව විදේශීය ශිෂ්‍යයෙකු ඇතුළත් කර ගත හැක්කේ පැය 72ක් ඇතුළත ට්‍රම්ප් පරිපාලනයේ ඉල්ලීම් ලැයිස්තුවකට අනුකූල වුවහොත් පමණි.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!