72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබුවා.
ඒ එම වටයට ආසියානු ඕෂනියා කලාපයෙන් එක් වූ ප්‍රබල තරගකාරියන් පස් දෙනා අතරට එක් වෙමිනි.
ඇය සමගින් මෙම වටයට ආසියානු සහ ඕෂනියා කලාපයෙන් තායිලන්ත, තුර්කි, ලෙබනන් හා ජපාන තරගකාරියන් තේරීපත්ව සිටිනවා.
මෙම වටයට අනුදිගේ පැමිණීම ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලාංකිකයකු එම අවස්ථාව සනිටුහන් කළ පළමු අවස්ථාව ලෙස ඓතිහාසික වන්නකි.
වසර 74ක ලෝක රූ රැජින තරග ඉතිහාසයේ Head-to-Head Challenge අංශයෙන් අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ඇයයි.
එමෙන්ම අනුදිගේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ මෙවර ලෝක රූ රැජින තරගයෙන් මෙතෙක් පැවති තරග අංශ දෙකෙහිම අවසන් වටයට පැමිණි ආසියාවේ එකම තරගකාරියද ඇය වීමය.
අනුදි සහභාගිවන Head-to-Head Challenge අංශයේ අවසන් 20 දෙනා සහභාගිවන අවසන් තරගය අද (23) පැවැත්වීමට නියමිතව ඇත.