ප්‍රංශ ජනාධිපතිට ලෝකයක් ඉස්සරහා බිරිඳගෙන් වැදුණු කම්මුල් පහර.. ගුරාට බැරිනම් වෙන කාටද පුළුවන්??

ගුවන් යානයකින් බැසීමට සූදානම් වන අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ බිරිඳ බ්‍රිජට් මැක්‍රෝන් අතර ඇති වූ ආරවුලක වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල පුළුල් ලෙස කතා බහට ලක් වෙන්න පටන් ගෙන තිබෙනවා.

ඔවුන් ගුවන් යානයෙන් බැසීමට යන අවස්ථාවේ ඔහුගේ මුහුණ යම් කෙනෙක් අතින් තල්ලුකරන ආකාරය එම දර්ශනවල සටහන් වුණා. එහි මුලින්ම ප්‍රංශ ජනාධිපතිවරයා පමණක් පෙන්නුම් කරන අතර ඔහුව අතින් තල්ලු කරන පුද්ගලයා පෙනෙන්නට නැහැ. එම තල්ලු කිරීමත් සමඟ වික්ෂිප්ත වන ජනාධිපතිවරයා ඔහු වෙත කැමරා එල්ල කර ඇති බව වැටහුණු පළමු අවස්ථාවේම නැවත යථා තත්ත්වයට පැමිණ කැමරාවලට අත වනන අතර සුළු මොහොතකින් පහළට එන ආකාරය දැක ගත හැකියි. ඒ ඔහුගේ බිරිඳ සමඟය. එම අවස්ථවේ ද ඔහු ඇයගේ අත අල්ලා ගැනීමට උත්සහ කළත් ඇ‍ය එය ප්‍රතික්ෂේප කරන ආකාරය කැමරාවල පැහැදිලිව සටහන් වී තිබෙනවා.

මෙය වාර්තා වුණේ ඔවුන් දෙදෙනාගේ වියට්නාම සංචාරය අතරතුර හැනෝයි ගුවන් තොටුපළේදී බවයි වාර්තා වන්නේ.

පසුව මැක්‍රෝන් හැනෝයි හි වාර්තාකරුවන් අමතා වීඩියෝව පිළිබඳ අදහස් දැක්වීමක්ද සිදු කර තිබෙනවා. “වීඩියෝව ඇත්තක්. සමහරවිට මිනිසුන් ඒවා අවුල් කරනවා. විවිධ න්‍යායන් පවා නිර්මාණය කරනවා. නමුත් මිනිස්සු කැමති විදියට එයට විකාර ආරෝපණය කරනවා.”

ප්‍රංශ ජනාධිපතිවරයා 2007 වසරේදි විවාහ වුණේ ඇගේ පාසල් සමයේ ගුරුවරිය සමඟයි. ඔවුන් අතර අවුරුදු 24 ක වයස පරතරයක් ඇති අතර ඔවුන් පෙම්වතුන්වන විට බ්‍රිජට් 39 වැනි වියේත් එමානුවෙල් 15වැනි වියේත් පසු වුණා. ඇයට මෙම විවාහයට පෙර විවාහයකින් දරුවන් තිදෙනෙක් සිටින අතර ඇගේ පළමු විවාහය වන විට එමානුවෙල් ඉපදී නැති බව ද වාර්තා පවසනවා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...