ව්ලැදිමීර් පුටින් මුළුමනින්ම පිස්සු වැටිලා…

යුක්‍රේනය සහ රුසියාව අතර වසර තුනක යුද්ධයේ විශාලතම ප්‍රහාරය සෙනසුරාදා රාත්‍රියේ සිට ඉරිදා උදෑසන දක්වා එක රැයකින් දියත් කිරීමෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුටින් පිළිබඳ දක්වා ඇති අදහස එයයි.

“ව්ලැදිමීර් පුටින් මුළුමනින්ම පිස්සු වැටිලා… මම ඔහු කරන දේ ගැන සතුටු නැහැ.”

“පුටින් සමඟ මට සැමවිටම ඉතා හොඳ සම්බන්ධතාවයක් තිබුණා. නමුත් ඔහුට යම් කිසි දෙයක් සිදුව තිබෙනවා. ඔහු සම්පූර්ණයෙන්ම පිස්සු වැටිලා. ඔහු අනවශ්‍ය ලෙස බොහෝ දෙනෙකු මරා දමමින් සිටිනවා. මම සොල්දාදුවන් ගැන පමණක් නෙවෙයි කතා කරන්නේ. කිසිදු හේතුවක් නොමැතිව යුක්‍රේනයේ නගරවලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා.”

එමෙන්ම ව්ලොදිමීර් සෙලෙන්ස්කිට ද තරවටු කරමින් ඔහු කතා කරන හැම වචනයක්ම අවාසියට හේතුවක් බව ද ට්‍රම්ප් පෙන්වා දී තිබෙනවා.

පසු ගිය සෙනසුරාදා ඉරිදා දින දෙකෙහි යුක්‍රේනය පුරා සිදු වූ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගිය අතර ළමුන් ද ඇතුළුව තවත් දුසිම් ගණනක් තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ. රුසියාව යුක්‍රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාර එල්ල කළේ සටන් විරාම ගිවිසුමක් පිළිගැනීමට ජ්‍යාන්තර පීඩනයක් එල්ලවන මධ්‍යයේය.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!