ICTA අහෝසියි

රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) වෙනුවට ශ්‍රී ලංකාව GovTech (Pvt) Limited නමින් නව නව ඩිජිටල් රාජ්‍ය අධිකාරියක් පිහිටුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

එය “දැනටමත් ආරම්භ කර ඇති සහ අනාගතයේදී ආරම්භ කිරීමට නියමිත ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති සුමටව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අවශ්‍ය බලතල සහිත ස්වාධීන ආයතනයක්” වනු ඇතැයි ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අතරතුර ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල පවතින ඩිජිටල් උපාය මාර්ග සමාලෝචනය කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කර ඇති බවත් මේවා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් බලතල සහිත නියාමන අධිකාරියක් ස්ථාපිත කළ යුතු බවයි ඔහු එහිදී අවධාරණය කර සිටියේ.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...