ඉෂාර නානායක්කාරට හිමි HNB 10% ක කොටස් ලංවා අධිපති නන්දන ලොකු විතාන මිලදී ගැනීමෙන් කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී මංසළකුණක් සනිටුහන් කරමින් ඊයේ (27) දිනයේ දී රු. බිලියන 18.7ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වුණා.

හැටන් නැෂනල් බැංකුවේ 10% ක කොටස් හුවමාරුවක් මෙම දැවැන්ත ගනුදෙනු පිරිවැටුම වාර්තා වීමට ප්‍රධාන වශයෙන් දායකත්වය ලබා දුන් බවයි වාර්තා වන්නේ. එහිදී බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට් ඉෂාර නානායක්කාරට හිමි HNB බැංකුවේ කොටස් 10%ක් මිලදී ගනු ලැබුවේ නන්දන ලොකුවිතානට අයත් සිලෝන් ස්ටීල්කෝපරේෂන් (ලංවා) විසිනි.

මේ හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ සියයට 0.98 කින් ඉහළ ගිය බව තැරැව්කරුවන් පවසනවා.

සියලු කොටස් මිල දර්ශකය ලකුණු 161.39 කින් ඉහළ ගොස් 16,657.63 කින් අවසන් කෙරුණා.

ද්‍රවශීලතාවයෙන් වැඩි S&P SL20 කොටස් සැසියේදී ස්ථාවර වීමෙන් පසු සියයට 1.45 කින් හෙවත් දර්ශක ඒකක 70.13 කින් අවසන් වී 4,909.07 ක් ලෙස සටහන් වී තිබුණා.

සැසියේදී පිරිවැටුම රුපියල් බිලියන 18.7 දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර HNB ගනුදෙනුව පිරිවැටුමට රුපියල් බිලියන 14.4 ක දායකත්වයක් ලබා දුන්නා.

මෙහි දී හැටන් නැෂනල් බැංකුවේ කොටසක් රු. 305.00 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 45,317,177ක් ගනුදෙනු වී ඇති අතර එම ගනුදෙනුව හරහා රු. බිලියන 13.82 ක පිරිවැටුමක් වාර්තා වී තිබෙනවා. මීට අමතර කොටසක් රු. 320 බැගින් වූ 319,405ක කොටස් ප්‍රමාණයක් ද ඊයේ පස්වරුවේ, ගිවිසා ගනු ලැබූ ගනුදෙනු දෙකක් හරහා හුවමාරු වී තිබුණා. සමස්තයක් ලෙස ඊයේ දිනයේ දී ගිවිසා ගනු ලැබූ හා සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා රු. බිලියන 14.42ක වටිනාකමකින් යුතු හැටන් නැෂනල් බැංකු කොටස් ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව සඳහන්ය.

Latest News

More like this

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...