ඇමතිකම් දැරූ වසර දෙකක් තුළ මර්වින් සිල්වා උපයාගත් වත්කම කෝටි 15කට අධිකයි..

කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයාගත් බවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසක කොළඹ මහධිකරණයේ ඊයේ (27)නඩු පවරනු ලැබුවා.

එම මුදල් හා දේපළ තමාගේ නීත්‍යානුකූල වත්කම් හා ආදායම්වලින් උපයා ගත් ඒවා බව තහවුරු කිරීමට අපොහොසත් වූ බවත් කොළඹ 02 ප්‍රදේශයෙන් ඉඩ්මක් මිලදී ගැනීම ඔහුගේ පුත්‍රයා වන මාලක සිල්වා නමට මර්සිඩීස් බෙන්ස් කාරයක් මිලදී ගැනීම ඇතුළු වත්කම් ලැයිස්තුවක් අල්ලස් කොමිසම විත්තිකාර මර්වින් සිල්වාට එරෙහිව අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ අත්සනින් යුතුව අධි චෝදනා දෙකක් යටතේ මෙම නඩුව ගොනු කෙරුණා.

ඔහු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2010 මාර්තු 31 වැනිදා සහ 2012 මාර්තු 31 වැනිදා අතර කාලසීමාඅව තුළ මෙම උපයා ගැනීම් සිදුව ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ.

සිය නීත්‍යානුකූල ආදායමෙන් මිලදී ගත නොහැකි ඉඩම්,යාන වාහන මිලදී ගැනීම මෙන්ම බැංකු ගිණුම් පවත්වාගෙන ගිය බවට අල්ලස් කොමිසම අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තමාගේ නීත්‍යානුකූල වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි වූ කොළඹ 02 අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් 7,139,900.00 ක මුදලක් වැය කර ඉඩමක් මිලදී ගැනීම, කඩවත ප්‍රදේශයෙන් රුපියල් 13,999,000.00 ක මුදලක් වැයකර ඉඩමක් මිලදී ගැනීම, සිය පුත්‍රයා වන මාලක සිල්වාගේ නමට රුපියල් 32,375,000.00 ක මර්සිඩීස් බෙන්ස් කාර් රථයක් මිලදී ගැනීම රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් වැයකර ‘හයි හුන්ඩායි’ මෝටර් රථයක් මිලදී ගැනීම, රුපියල් ලක්ෂ 89කට ආසන්න මුදලක් වැය කර ඩිෆෙන්ඩර් මෝටර් රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර මර්වින් සිල්වාට එරෙහිව එල්ල වී ඇති චෝදනාය.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...