ආදිත්‍ය රෝයි කපූගේ නිවසටත් නාඳුනන කතක් ඇවිත්

බොලිවුඩ් සිනමා තාරකාවන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි කණස්සල්ලක් මතු කරමින් නාඳුනන කාන්තාවක් බටහිර බන්ද්‍රා හි පිහිටි නළු ආදිත්‍ය රෝයි කපූර්ගේ නිවසට ද ඇතුළු වීමට උත්සහ දරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වීමට මාස කිහිපයකට පෙර නිවසට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයකු නිසා සායිෆ් අලී ඛාන්ට පිහි ප්‍රහාරයකට ලක් වීමට සිදු වූ අතර ඔහුගේ දිවි ගැලවුණේ අනූ නවයෙනි. එමෙන්ම ඉකුත් සතියේ සුපිරි නළු සල්මන් ඛාන්ගේ නිවසට ද අනවසරයෙන් ගැහැනියක සහ පිරිමියකු ඇතුළු වීමට උත්සහ දැරූ බව වාර්තා වුණා.

ආදිත්‍ය රෝයි කපූර්ගේ නිවසට ඇතුළු වීමට උත්සහ කළ කාන්තාව පිළිබඳ මේ වන විට පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තාවන විට ආදිත්‍ය රෝයි කපූර් රූගත කිරීමකට සහභාගි වෙමින් සිට ඇති අතර අදාළ කාන්තාව පවසා ඇත්තේ ත්‍යාගයක් දීමට අවශ්‍ය බවයි. ආදිත්‍ය සමඟ කතා කර ඒ සඳහා වෙලාවක් වෙන් කර ගත් බව පවසා කාර්ය මණ්ඩලය රවටා ගත්තද ආදිත්‍ය පැමිණීමෙන් පසු ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඇයව නොහඳුනන බවයි.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...