ශ්‍රී ලංකාවට එපා කිව්ව Starlinkලාගෙන් ඉන්දියාවට හා බංගලාදේශයට රු 3000කට අන්ලිමිටඩ් ඩේටා පැකේජ්..

ඊලොන් මස්ක්ගේ චන්ද්‍රිකා අන්තර්ජාල මුලපිරීම වන ස්ටාර්ලින්ක් (Starlink) ඉන්දියාවේ සහ බංගලාදේශයේ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානමින් සිටින අතර අසීමිත ඩේටා (Unlimited Data) පහසුකම් ඉන්දියානු රුපියල් 850 (ශ්‍රී ලංකා රුපියල් 3000) සිට ලබා දීමට සූදානම් බව වාර්තා වෙනවා.

ඉන්දියාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට ඉතා ආසන්න බවත් නියාමන අවශ්‍යතා බොහොමයක් මේ වන විටත් අවසන් කොට ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.

මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ සමාගමට ඩොලර් 10 ක් හෝ මසකට ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් 850 ක් වැනි අඩු මුදලකින් ආරම්භ වන සැලසුම් හඳුන්වා දිය හැකියාව ඇති බවත් එය ගෝලීය වශයෙන් වඩාත්ම දැරිය හැකි චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් පිරිනැමීම් වලින් එකක් බවට පත් කළ හැකි බවත්ය.

ද ඉකොනොමික් ටයිම්ස් හි වාර්තාවකට අනුව, ස්ටාර්ලින්ක් මෑතකදී විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන් අභිප්‍රාය ලිපියක් (LoI) ලබා ගත් අතර එමඟින් ඉන්දියාව තුළ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා මූලික අවසරය ලබා දී තිබෙනවා. නියාමන සහ බලපත්‍ර අභියෝග හේතුවෙන් කලින් ප්‍රමාදයන්ට මුහුණ දුන් ස්ටාර්ලින්ක් සඳහා සඳහා මෙම පියවර සැලකිය යුතු ඉදිරි පියවරක් බවයි පැවසෙන්නේ.

හඳුන්වාදීමේ දීමනාවල කොටසක් ලෙස අසීමිත දත්ත ඇතුළත් අඩු වියදම් පැකේජ ලබා දෙනු ඇති. ඉන්දියාවේ මිලියන 10 ක ග්‍රාහකයින් ප්‍රමාණයක් ඉක්මනින් ගොඩනඟා ගැනීම එහි අරමුණ බවයි වාර්තා වන්නේ.

ගෝලීය වශයෙන් ස්ටාර්ලින්ක් හි සේවාවන් සැලකිය යුතු ලෙස මිල අධිකය.

2024 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති පෙර රජය විසින් ස්ටාර්ලින්ක් සමාගමට මෙරට තුළ සේවාව ලබාදීමට අවසරයක් ලබා දී තිබුණා. එහෙත් වත්මන් රජය මෙරට ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවකදී රජයේ ආයතනවලට දත්ත හෝ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන තෙක් ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම නවතා දමා තිබෙනවා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් මීට පෙර ස්ටාර්ලින්ක් සේවාව සඳහා පැකේජ පහකට අනුමැතිය ලබා දී තිබුණා.

Latest News

More like this

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...
error: Content is protected !!