හල්ලොලුව නාටකය මෙහෙයවූයේ කෝපි කඩේ අප්පුගේ පුතා.. ලිපිගොනුවක් පැහැරගත් බවට සාක්ෂි නෑ

ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ හිටපු ක්‍රියා­කාරී අධ්‍ය­ක්ෂ­ව­ර­යකු මෙන්ම හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ මහ­ජන සම්බ­න්ධතා අධ්‍යක්ෂ ජන­රාල් වශ­යෙන් කට­යුතු කරන ලද තුසිත හල්ලො­ලුව සහ නීතිඥ දිනේෂ් දොඩං­ගොඩ මහ­ත්ව­රුන් ගමන් කර­මින් සිටි ජීප් රථ­යට වෙඩි තබා පහර දුන් වෙඩි­ක්කරු සහ යතු­රු­පැ­දි­කරු ජීප් රථයේ තිබී කිසිදු ලිපි­ගො­නු­වක් පැහැ­ර­ගත් බවට මෙතෙක් කළ විම­ර්ශ­න­ව­ලින් තොර­තුරු කිසි­වක් හෙළි කර ගැනී­මට නොහැකි වී තිබේ.

මෙම වෙඩි තැබී­මට සහ පහ­ර­දී­මට පැමිණි යතු­රු­පැ­දියේ පැදි­කරු මෙන්ම යතු­රු­පැ­දි­කරු මෙහෙ­යවූ වාහන කුලී ආය­ත­න­යක හිමි­ක­රු­වකු ද මේ වන විට සිටින්නේ පොලිස් අත්අ­ඩං­ගු­වේය. ඔවු­න්ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී පවා ජීප් රථයේ තිබුණු ලිපි­ගො­නු­වක් පැහැර ගැනී­මක් ගැන තොර­තුරු අනා­ව­ර­ණය නොවන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

“ජීප් එකේ ඉන්න අයට කිසිදු හානි­යක් වෙන්නැති වෙන්න පහ­ර­දී­මක් කරන්න කිය­ලයි කිව්වේ. අපි ඒ විදි­හට කළා. ලිපි­ගො­නු­වක් ගැන නම් මම කිසි දෙයක් දන්නේ නැහැ“ යැයි අත්අ­ඩං­ගුවේ සිටින යතු­රු­පැ­දි­කරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

ආර­ක්ෂක කැමරා පරීක්ෂා කිරී­මේදී පවා ලිපි­ගො­නු­වක් පැහැර ගැනී­මක් ගැන තොර­තුරු අනා­ව­ර­ණය නොවන බව ද එම උසස් පොලිස් නිල­ධා­රියා සඳ­හන් කළේය.

මෙම යතු­රු­පැ­දි­කරු වත්තල හුනු­පි­ටියේ පදිං­චි­ක­රු­වකු වන අතර වාහන කුලි­යට සප­යන ආයත­නයේ මැකෑ­නි­ක්ව­ර­යකු ලෙස කට­යුතු කර ඇති බව ද අනා­ව­ර­ණය වී ඇත. වාහන කුලි­යට සප­යන ආය­ත­නය පිහිටා ඇත්තේ කිරු­ළ­පන ප්‍රදේ­ශ­යේය. එහි හිමි­කරු කලක් වත්තල හුනු­පි­ටියේ පදිං­චිව සිට ඇති බවත් යතු­රු­පැ­දි­ක­රුගේ නිවෙ­සට යාබද නිවෙ­සක වාහන කුලි­යට දෙන ආය­ත­නයේ හිමි­කරු පදිං­චිව සිට ඇති බවත් විම­ර්ශ­න­යේදී හෙළිවී තිබේ.

වෙඩි­ක්කරු සහ යතු­රු­පැ­දි­කරු පසු­ගිය 17 වැනිදා නාරා­හේ­න්පි­ටදී අදාළ වෙඩි තැබී­මට ගොස් ඇත්තේ ද කිරු­ල­පන පිහිටි වාහන කුලි­යට සප­යන ආය­ත­නයේ සිට බවට ද තොර­තුරු අනා­ව­ර­ණය වී ඇත.

යතු­රු­පැ­දි­ක­රුව මෙම සිදු­වී­මට සම්බන්ධ කර­ගෙන ඇත්තේ වාහන කුලි­යට සප­යන ආය­ත­නයේ හිමි­කරු විසින් බවත් ඔහුව සහ වෙඩි­ක්ක­රුව මෙහෙ­යවා ඇත්තේ ඩුබා­යිහි රැඳී සිටින මත්කුඩු ජාවා­ර­මට සම්බන්ධ පාතාල අප­රා­ධ­ක­රු­වකු විසින් බවට තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ. එම පාතාල අප­රා­ධ­ක­රුගේ පියා මෙරට චිත්‍ර­පට හා ටෙලි නාට්‍ය නළු­වකු බවත් මෙරට දීර්ඝ­තම ටෙලි නාට්‍ය ලෙස සැල­කෙන කොපි­කඩේ ටෙලි නාට්‍යයේ අප්පුගේ චරි­තය නිරූ­ප­ණය කරනු ලැබුවේ ඔහු බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

මෙම වෙඩි තැබීම ද ටෙලි නාට්‍ය­යක් බඳු නාට­ක­යක් බවත් වැඩි කල් නොගොස් මෙහි තිර­පි­ට­පත ලියා අධ්‍ය­ක්ෂ­ණය කළ සියලු දෙනාම නීතියේ රැහැ­නට හසු­කර ගැනී­මට හැකි­වනු ඇති බවත් එම නිල­ධා­රියා කීය.

ඩුබායි සිටින අප­රා­ධ­ක­රුගේ මෙහෙ­ය­වී­මෙන් වෙඩි­ක්ක­රුගේ බැංකු ගිණු­ම­කට රුපි­යල් ලක්ෂ 02ක මුද­ලක් ද යතු­රු­පැ­දි­ක­රුගේ බැංකු ගිණු­ම­කට රුපි­යල් ලක්ෂ 02ක මුද­ලක් ද ඩුබායි බැංකු ගිණු­මක් ඔස්සේ බැර කර ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත. ඒ සම්බ­න්ධ­යෙන් ද ජාත්‍ය­න්තර පොලී­සියේ සහාය ඇතිව විම­ර්ශන පැවැ­ත්වෙන බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

වෙඩි­ක්කරු උස්වැ­ට­කෙ­යි­යාවේ පදිං­චි­ක­රු­වකු බවත් ඔහු පාතාල අප­රා­ධ­ක­රු­වකු හෝ වෘත්ති­යෙන් ඝාත­ක­යකු නොවන බවත් පොලිස් විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත. එම පුද්ග­ලයා සුළු සොර­ක­ම්ව­ලට සම්බන්ධ අයකු බව ද අනා­ව­ර­ණය වී තිබේ. වෙඩි­ක්කරු හමු­දාවේ සිටි පුද්ග­ල­යකු බවට සැක කළත් ඔහු හමුදා සේවයේ සිටි අයකු බවට පැහැ­දිලි තොර­තුරු මෙතෙක් අනා­ව­ර­ණය වී නැති බවත් මේ වන විට ඔහු පලා ගොස් සැඟව සිටි­යත් අද හෙටම අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි­වනු ඇති බවත් කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීහු විශ්වාස කරති.

යතු­රු­පැ­දි­කරු, ඔහුව මෙහෙ­යවූ වාහන කුලී ආය­ත­නයේ හිමි­කරු, වෙඩි තැබී­මෙන් පසු යතු­රු­පැ­දිය සැඟ­වී­මට සහාය දැක්වූ දෙදෙ­නකු, යතු­රු­පැ­දි­ක­රුගේ බිරිය සහ යතු­රු­පැ­දි­කරු මහ­ර­ගම තාව­කා­ලි­කව පදිං­චිව සිටි නිවාස සංකී­ර්ණයේ ආර­ක්ෂක නිල­ධා­රියා මේ වන විට අත්අ­ඩං­ගු­වට ගෙන සිටින බව කොළඹ අප­රාධ කොට්ඨා­සයේ තොර­තුරු සඳ­හන් කළේය.

මේ අත­රින් යතු­රු­පැ­දි­කරු සහ යතු­රු­පැ­දිය සැඟ­වී­මට සම්බන්ධ වූ පුද්ග­ල­යන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පෙරේදා (27)ය. යතු­රු­පැ­දිය සැඟ­වී­මට සහාය වූ දෙදෙනා වත්තල හා ග්‍රෑන්ඩ්පාස්හි පදිං­චි­ක­රු­වන්ය.

වෙඩි­ක්කරු අහ­සට වෙඩි තබා ජීප් රථයේ විදුලි පහ­න්ව­ලට වෙඩි­ල්ලක් තබන විට යතු­රු­පැ­දි­කරු කෙටේ­රි­යක් රැගෙන ජීප් රථයේ ඉදි­රි­පස වීදු­රු­වට පහර කිහි­ප­යක් එල්ල කර ඇති බව ද ප්‍රශ්න කිරීම් හමුවේ අනා­ව­ර­ණය වී ඇත. කෙටේ­රිය රැගෙ­න­විත් ඇත්තේ වෙඩි­ක්කරු බව සඳ­හන්ය.

තුසිත හල්ලො­ලුව සහ ඔහුගේ නීතිඥ දිනේෂ් දොඩං­ගොඩ යන මහ­ත්ව­රුන් නීති උප­දෙස් ගැනී­මට මෙරට ප්‍රසිද්ධ නීති­ඥ­ව­ර­ය­කුගේ නිවෙ­සට ගොස් පිට­තට පැමි­ණෙන විට මෙම ප්‍රහා­රය එල්ල වී තිබිණි. ඔවුන් දෙදෙනා එම නිවෙ­සට යන බව මෙන්ම එම නිවෙස පිහිටි ප්‍රදේ­ශය ගැනත් ජීප් රථය ගමන් ගන්නා මාර්ගය ගැනත් ප්‍රහා­රය එල්ල කළ යුතු ස්ථානය ගැනත් කල්ති­යාම වෙඩි­ක්කරු සහ යතු­රු­පැ­දි­කරු දැනු­වත් කර තිබී ඇති බව ද විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත.

යතු­රු­පැ­දි­කරු සහ යතු­රු­පැ­දිය සැඟ­වී­මට සම්බන්ධ වූ සැක­ක­රු­වන් දෙදෙනා රැඳ­වුම් නියෝග මත රඳ­වා­ගෙන විම­ර්ශන පැවැ­ත්වී­මට කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන්ගේ අව­ධා­නය යොමුවී තිබේ.

මෙම සැක­ක­රු­වන් තිදෙනා පැය 24ක් රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරී­මට කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසාන් අම­ර­සේන මහ­තා­ගෙන් කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීහු ඊයේ (28) අධි­ක­ර­ණ­යෙන් අව­සර ද ඉල්ලා සිටි­යේය.

සැක­ක­රු­වන් කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කොළඹ අප­රාධ කොට්ඨා­සය මඟින් ඉදි­රි­පත් කරනු ලැබුවේ ඊයේ පස්ව­රු­වේ­දීය.

මෙම සිද්ධි­යට අදා­ළව තමාට ප්‍රකා­ශ­යක් දීමට අවශ්‍ය බව ද අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වකු කළ ඉල්ලී­ම­කට අධි­ක­ර­ණ­යෙන් අව­ස­රය හිමි­විය.

මෙම සිද්ධි­යට අදා­ළව මීට පෙර ආධාර අනු­බල දීමේ චෝද­නාව මත අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින කාන්තාව ඇතුළු අනෙක් සැක­ක­රු­වන් තිදෙනා අද (29) පස්වරු දෙකට අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට ද බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාට නියෝග කළේය.

(Dinamina – ගයාන් කුමාර වීර­සිංහ, කල්පනී අබේ­සිංහ)

Latest News

More like this

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...
error: Content is protected !!