තමා චෑන්ග් කෙනෙකු නොවන බව ලොවට හෙළි කළ ‘ජැකී චෑන්’

ලෝකයේ අංක එකේ සටන් නළුවකු වන ජැකී චෑන් මෑතකදී People සඟරාවට ඔහුගේ පවුලේ දීර්ඝ කාලීන රහස් කිහිපයක් පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරනු ලැබුවා.

බ්ලොක්බස්ටර් චිත්‍රපට කිහිපයකම ඔත්තුකරුවෙකු ලෙස රඟපෑම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ජැකී එහිදී සඳහන් කළේ තමාගේ පියා සැබෑ ජීවිතයේ දී ඔත්තුකරුවකු ලෙස සේවය කළ බවයි. එමෙන්ම තමාගේ සැබෑ වාසගම චෑන් නොවන බවත් ඔහුගේ පියා ඔත්තුකරුවකු බවත් දැනගන්නා විට ඔහුගේ වයස අවුරුදු 40ක් බවයි ජැකී අනාවරණය කරනු ලැබුවේ.

පියා ඔහුගේ තරුණ අවධියේදී එය ඔහුගෙන් සඟවා තැබීමට කටයුතු කර තිබූ අතර එය හෙළි කර අවස්ථාවේ ජැකී අතිශය කම්පනයට පත් වූ බව එහිදී සඳහන් වුණා.

සම්මුඛ සාකච්ඡාව අතරතුර පැරණි පවුලේ ඡායාරූපයක් පෙන්වමින්, චෑන් “ඒ මගේ තාත්තා සහ මගේ අම්මා. ඒ කාලේ මගේ වයස කීයද කියලා මට මතක නැහැ,” යනුවෙන් සඳහන් කර තිබුණා.

“මගේ තාත්තා හරිම කඩවසම් මනුස්සයෙක්. ඔහු ඔත්තුකරුවෙක්. තාත්‍තගේ රහස දැනගන්නා විට මට වයස අවුරුදු 40 යි. දවසක් මම මගේ කාර් එක පදවමින් සිටියදී මගේ තාත්තා හදිසියේම කිව්වා, ‘පුතේ, මම වයසයි. මම නිදාගෙන කවදාවත් අවදි වෙන්නේ නැහැ. මට ඔයාට කියන්න රහසක් තියෙනවා. ඔයා චෑන් නෙවෙයි. ඔයාගේ මුල් නම ෆැන්ග්”

ජැකී චෑන්ට මෙම හෙළිදරව්වෙන් දැඩි කම්පනයකට පත් වුණා. පියාගේ අතීත පැහැදිලි කිරීම් චෑන්ගේ සවන්වලට අදහාගත නොහැකිවුණා.

ජැකී චෑන්ගේ පියා චාල්ස් චෑන් 1940 ගණන්වල චීන සිවිල් යුද්ධයේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහුගේ මව ලී-ලී ද අබිං ජාවාරම්කාරිනියක සහ සූදු කාරිනියකලෙස රහසිගත අතීතයක් ඇත්තියකි.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!