ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති දිවයිනට..

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරය අතරතුර නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් බැහැදකිනු ඇති බව නිල ආරංචි මාර්ග පවසනවා. නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා ‘ඔස්ට්‍රේලියන් හවුස්’ හිදී පවත්වනු ලබන විශේෂ දිවා භෝජන සංග්‍රහයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද ඔහු හමුවනු ඇති.

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය මාලස් මහතා, ආරක්ෂක නියෝ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය. ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර ආරක්ෂක අංශයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම මෙම සංචාරයේ අරමුණයි.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් මෙම සංචාරයට එක් වී සිටිනවා. ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව මෙම දුත පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!