දකුණු කොරියාව එහි වඩා කැලඹිලි සහිත දේශපාලන කාල පරිච්ඡේදයකට මුහුණ දී මාස හයකට පසු පැවති හදිසි මැතිවරණයකින් පසුව ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කළ ලී ජේ-මියුන්ග් එහි නව ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගෙන තිබෙනවා.
ඒ 48.67% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් හා ඔහුගේ කොන්සර්වේටිව් ප්‍රතිවාදියා වන පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ පරාජය කරමින්ය.
කෙටි කාල සීමාවකට යුධ නීතිය බලාත්මක කිරීම නිසා දකුණු කොරියාවේ පැවති සාමකාමී දේශපාලනය අවසන් වූ අතර මෙවර ඡන්දය පැවැත්වුණේ මාස ගණනක් පැවති නොසන්සුන්තාවයෙන් පසුවයි. වසර 28 කට පසු වාර්තා වූ ඉහළම අගය වන 80% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් සමඟ මහජනතාව දේශපාලන වෙනසක් සඳහා ප්‍රබල පණිවිඩයක් ලබා දී ඇත්තේ ලී ජේ මියුන්ග්ට විශාල ජයග්‍රහණයක් අත්පත් කර දෙමින්ය.
සෝල් හි ආධාරකරුවන් අමතමින් කෘතඥතාව පළ කළ නව ජනාධිපතිවරයා රට එක්සත් කරන බවටත් තවත් හමුදා කුමන්ත්‍රණයක් හෝ යුධ නීති අර්බුද නැවත ඇති නොවීමට සහිතක වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා.
61 වියැති ලී, කලක් ළමා ශ්‍රමිකයෙකු වූ අතර පසු කාලීනව ඔහු දකුණු කොරියාවේ මානව හිමිකම් නීතිඥයෙකු සහ ප්‍රධාන දේශපාලන චරිතයක් බවට වූ අයෙකි. ඔහු මීට පෙර සියොංනාම් නගරාධිපති ලෙස වසර අටක් සහ ජියොංගි පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස වසර තුනක් සේවය කර තිබෙනවා.
2022 ජනාධිපතිවරණ සමයේදී ලී, හිටපු ජනාධිපති යූන් සුක්-යොල්ට යන්තම් පරාජයට පත් වූ නමුත් විපක්ෂ නායකයා ලෙස දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් ඉටු කිරිමට සමත් වුණා. අසමානතාවය, දූෂණය සහ ස්ත්‍රී පුරුෂ පරතරයන් පිළිබඳ ඔහුගේ ප්‍රගතිශීලී දැක්ම සහ විවේචන සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.
ඔහු වරක් පිහි ඇනුමකින්ද දිවි ගලවා ගත් අයෙකි. 2024 දී, බුසාන් වෙත ගිය සංචාරයකදී ලීගේ බෙල්ලට පිහි ප්‍රයක් එල්ල වී තිබුණා. ප්‍රහාරය දියත් කිරීමට පෙර අත්සනක් ලබා ගැනීමට මෙන් ප්‍රහාරයකයා ඔහු වෙත ළඟා වූ බවයි වාර්තා වුණේ. ඔහුව ඉක්මනින් සෝල් ජාතික විශ්ව විද්‍යාල රෝහලට ගුවන් මගින් ගෙන යන ලද අතර ජීවිතය ගලවා ගැනීමට තරම් වාසනාවන්ත වුණා.
එම වසරේ අගභාගයේදී, දකුණු කොරියාවේ යුද නීති අර්බුදය අතරතුර හදිසි නියෝගයට එරෙහිව ජාතික සභාවේ ගොඩනැගිල්ලකට නැඟ ඡන්දය ප්‍රකාශ කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ සජීවිව විකාශය වුණේ ලී මහජනතවාගේ වීරයකු බවට පත් කරමිනි. හමුදා වටලෑම නොතකා, ඔහු ගොඩනැගිල්ලට ළඟා වී යුද නීතිය අවසන් කිරීම සඳහා ඓතිහාසික ඡන්දයකට අනෙකුත් නීති සම්පාදකයින් සමඟ එකඟතාවය ප්‍රකාශ කර සිටියා. ඔහුගේ එම වීඩියෝව වෛරල් වූ අතර අතර අධිෂ්ඨානශීලී දේශපාලන චරිතයක් ලෙස ඔහුගේ ප්‍රතිරූපය තහවුරු කිරීමට ද හේතුවුණා.