අගමැති මාරුවක් හෝ කැබිනට් සංශෝධනයක් නැහැ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවති සතිපතා කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය ජයතිස්ස මහතා, වත්මන් කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීම පිළිබඳ ඇති සාකච්ඡා ද පදනම් විරහිත බවයි පෙන්වා දුන්නේ.

ඇතැම් පාර්ශවයන් විසින් ප්‍රකාශ කරන පරිදි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් හෝ සාකච්ඡාවක් සිදුවී නොමැති බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියා.

එවැනි ප්‍රකාශයන් නිෂ්ඵල අවශ්‍යතා ඇති කණ්ඩායම් විසින් ප්‍රචාරය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...