18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින් “කිං කෝලි” ලෙස හඳුන්වන ක්‍රිකට් ක්‍රීඩාවේ විශාලතම තරුවක් ලෙස සැලකෙන විරාත් කෝලි තරගාවලි 18කට පසු රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් වෙත ඉතිහාසගත ජයග්‍රහණයක් අත්පත් කර දීමට ඊයේ (ජුනි 03 ) සමත් වුණා.

ඔහු 2008 ඉන්දීය ප්‍රිමියලීග් ආරම්භ වූ වසරේ සිට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

මේ වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටින කෝලි අඟහරුවාදා රාත්‍රියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු හයක ජයග්‍රහණයෙන් පසු දණින් වැටී හැඬුවේ ඉන්දීය ප්‍රේක්ෂකාගාරය සසල කරවමිනි.

“පසුගිය වසර 18 තුළ මම මෙම කණ්ඩායමට සියල්ල ලබා දී ඇත්තෙමි. මම කවදාවත් හිතුවේ නැහැ මේ මොහොත එයි කියලා.” 36 හැවිරිදි කෝලි පවසා සිටියා.

අවසන් මහා තරගය සඳහා නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය ඉන්දියාවේ ජාතික වර්ණවලින් සරසා තිබූ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් දෙකම තරගයට පිවිසුණේ ඔවුන්ගේ පළමු IPL ශූරතාව දිනා ගැනීමේ තීරණාත්මක අරමුණෙන් යුතුවය.

සමාප්ති උත්සවය ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්ගේ ආචාර සමාචාරවලින් වර්ණවත් වුණා.

මෙම අවසන් තරඟය මුලින් සැලසුම් කර තිබුණේ මැයි 25 වන දින වන අතර එය කොල්කටාහිදී පැවැත්වීමට නියමිතව තිබුණද ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමා ආතතීන් හේතුවෙන් සතියක කාල සීමාවකට අත් හිටුවීමට සිදුව තිබුණා.

Latest News

More like this

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...

පකිස්තාන සංචාරය නවතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් කොටසක් ආපසු ඒමට තීරණය කරලා !

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පාකිස්තාන සංචාරයක...

ධනුෂ්ක මත්තේඕ, පැය 25 ක ධාවනයකින් පසු ඉතාලියේ Puglia UTMB World Series Race එක අවසන් කරයි

යුරෝපයේ ඇති දිගම සානුව වන 🇮🇹 ඉතාලියේ Puglia ප්‍රදේශයේ...