කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ජ්‍යාත්‍යන්තර ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) ජාත්‍යන්තර ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද (ජුනි 04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ කොතලාවල විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණ ගෙන ඒමට රජය සැලසුම් කරන බවයි.

විශ්ව විද්‍යාලය පිහිටුවීම සඳහා ඉඩම පරිත්‍යාග කළ අභාවප්‍රාප්ත අගමැති ජෝන් කොතලාවල මහතාගේ කැමැත්ත එය බව ඇය කියා සිටියා.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ පෙර රජයන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පවත්වාගෙන ගියේ ඔවුන්ගේ අභිමතයන් අනුව බවයි.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!