නලින්දගේ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනස් වේ..

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට එක් අමාත්‍යාංශයක් ලෙස පවතින අතර සංකීර්ණ විෂය පථයන් දෙකක් බැවින් ඒ සඳහා වෙන වෙනම අමාත්‍යවරුන් පත් කිරීමට ආණ්ඩුව සලකා බලමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට නිර්මාණය වී ඇති අර්බුද සහ ගැටලු ගණනාවක් කළමනාකරණය කිරීමට සිදුව ඇති අතර රජයේ සියලුම ප්‍රතිපත්ති තීන්දු තීරණ දැනුම් දීම සිදු වන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස හා කැබිනට් අමාත්‍යවරයා ලෙසත් නලින්ද ජයතිස්ස මහතා ඉටු කරන පුළුල් වගකීම සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන්නේ වෛද්‍ය හංසක විජේමුණි මහතාය. වෛද්‍යවරයෙකු ලෙස ඔහුට ද වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටලු නිරාකරණය කිරීම කෙරෙහිය.

එබැවින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය වෙන් කිරීමේ අවශ්‍යතාවය දැඩි ලෙස උද්ගත වී තිබෙනවා. කෙසේ වෙතත් නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය යන විෂය පථ දෙකෙහිම අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති අතර නියෝජ්‍ය අමාත්‍ය ධුරය පමණක් වෙන් කිරීම රජයේ අපේක්ෂාව වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරය වෛද්‍ය හංසක විජේමුණි මහතා වෙත තිබියදී ජනමාධ්‍ය සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග වැඩි දුරටත් පවසනවා.

Latest News

More like this

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...
error: Content is protected !!