මලයාලම් නළු ෂයින් ටොම් චාකෝ බිහිසුණු අනතුරකට ලක්වෙයි

මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වන ෂයින් ටොම් චාකෝ සිකුරාදා (ජුනි 06) උදෑසන තමිල්නාඩුවේ සිදු වූ රිය අනතුරකින් පසු රෝහල් ගත කර තිබෙනවා.

අනතුරෙන් ඔහුගේ පියා වන සී.පී. චාකෝ එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

චාකෝ, ඔහුගේ පවුලේ අය සමඟ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් අතර ඔහුගේ මව සහ සොහොයුරාද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ෂයින් ටොම් චාකෝගේ අතකට සැත්කමක් සිදු කිරීමට නියමිත බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔවුන් ගමන් ගත් මෝටර් රථය ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බව රියදුරු විසින් අනාවරණය කරනු ලැබූ බව සඳහන් ය.

ෂයින් ටොම් චාකෝ මෑතකදී මත්ද්‍රව්‍ය නඩුවකට චෝදනාවට ලක් වූ අතර පසුව අධිකරණයෙන් ඔහුව නිදහස් කරනු ලැබුවා.ඒ ඔහු එම නඩුවට සම්බන්ධ නැති බව ප්‍රකාශ කරමිනි.

Latest News

error: Content is protected !!