රජයට රු ලක්ෂ 276ක් පාඩු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභයට තවත් නඩුවක්… භාතිය සන්තුෂ්ටත් චෝදනා

වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්ස්වයේ සංගීත ප්‍රසංගය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව අත්තනෝමතිකව රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කරමින් රජයට පාඩු කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ඊයේ (ජුනි 05) අධිකරණය හමුවේ ප්‍රකාශ වී තිබෙනවා.

ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමන්‍යාධිකාරිනිය ඊයේ මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේය.

එම ප්‍රසංගයේ ප්‍රතිලාභ ලබාගත් භාතිය හා සන්තුෂ් නැමැත්තන්ද සිද්ධියේ සැකකරුවන් විය යුතු බව එහිදී ප්‍රකාශ කෙරුණා.

සිය නීතිඥයා මඟින් මේ බව අධිකරණයට දැනුම් දුන් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිනී ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් සියලු කරුණු අනාවරණය කරමින් සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබා දීමට වුවත් තමන් සූදානම් බව කියා තිබෙනවා.

ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව උත්සව සංවිධානය කටයුතු සමාගමකට බාරදී රජයට රුපියල් 276 පාඩුවක් කර ඇතැයි කියමින් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී හිටපු සාමාන්‍යාධිකාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් ජයවර්ධන මහතා මේ බව දැනුම් දුන්නා.

අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටි ආරච්චි මහත්මිය කරුණු දක්වමින් පැමිණිල්ලට පාදක වූ වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු සඳහා රජයෙන් මුදල් වෙන්කර නොතිබියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 276 ක් වෙන්කර ඇතැයි දැනුම් දීමෙන් පසු කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 2 ක් මත සැකකාරිය මුදාහරින ලෙස නියම කර තිබෙනවා.

සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස සැකකාරියට නියම කර සිටියා.

අදාළ නඩුව ලබන 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...