මම පිස්සට යන්න කිව්වා.. ට්‍රම්ප් සහ මස්ක් විරසකය එළියට

එක්සත් ජනපදයේ පසුගිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේ කැපී පෙනෙන භූමිකාවක් ඉටු කර, ඉන් ඔබ්බට ට්‍රම්ප් මෑතකාලීනව ගත් ආන්දෝලනාත්මක පරිපාලන තීන්දු පිටුපස ප්‍රබල හස්තයක් වූ ඊලොන් මස්ක්, ට්‍රම්ප් අතර විරසකයක් මතු වී ඇතැයි වාර්තා වෙනවා.

දෙදෙනා අතර ඇති වී ඇති විරසකය උච්චතම අවස්ථාවට පැමිණීමෙන් පසු ඊයේ (ජුනි 05) ට්‍රම්ප් ප්‍රකාශයක් කරමින් ඊලොන් පිස්සෙක් බවත් ඔහුට සිය පරිපාලන කටයුතුවලින් ඉවත් වන ලෙස දැනුම් දුන් බවත් කියා සිටියා.

බ්‍රහස්පතින්දා (ජුනි 5) දෙදෙනා අතර විරසකය ගැඹුරු වන විට “පිස්සු” එලොන් මස්ක්ගෙන් ඔහුගේ පරිපාලනයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටි බවයි. ඔහු සඳහා ලබාදුන් රජයේ සහන සහ කොන්ත්‍රාත් සියල්ල අවසන් කරන බවට ද ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා. “අපේ අයවැයෙන්, ඩොලර් බිලියන ගණනින් මුදල් ඉතිරි කර ගැනීමට ඇති පහසුම ක්‍රමය නම් ඊලොන්ගේ රජයේ සහනාධාර සහ කොන්ත්‍රාත්තු අවසන් කිරීමයි. බයිඩන් එය නොකළ එක ගැන මම සැමවිටම පුදුම වුණා!”

සිය නිල සමාජ මාධ්‍යවල තැබූ සටහනින් ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ මස්ක්ගේ ඉලෙක්ට්‍රොනික් වාහන සඳහා තමා විසින් ලබා දුන් වරම ඉවත් කළ බවයි. එමඟින් කිසිවකුට අවශ්‍ය නොවූ වාහන මිලදී ගැනීමට බලපෑම් කිරීමට තමාට සිදුවූ බවද ට්‍රම්ප් පවසා තිබෙනවා.

එම සටහනට ප්‍රතිචාර දක්වමින් මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවේ “එතරම් පැහැදිලි බොරුවක්. හරිම දුකයි.” යනුවෙන් පවසා තිබුණා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!