පොදු සමාවඅරන් අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වුණු CIDය සොයන රැඳවියා උසාවියෙන්ම මතුවෙලා

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා නිකුත් කර බව කියන ලේඛනයකට අනුව, වෙසක් පෝදා ජනපති සමාව ලැබුණු බව පවසමින් අනුරාධපුර මහාධිකරණය පැවති නඩුවකින් නිදහස ගොස් ඇති බව කියන චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ඩබ්. එම්. අතුල තිලකරත්න නැමති විත්තිකරු ඔහුට එරෙහිව පවතින වෙනත් නඩුවක් සඳහා ඊයේ (ජුනි 11) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

ඒ නීතිඥ සුරංග මොහොට්ටි මහතා මාර්ගයෙනි.

ඔහුට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය පැවැති එම නඩුව අවසන් වීමෙන් පසුව අනුරාධ මහාධිකරණයේ තමාට එරෙහිව පැවති එච්සී/69/2108 අංක දරන නඩුවෙන් ඔහුව නිදහස් කිරීම සඳහා කූඨ ලේඛන සකස් කර ඇති බව කියන අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ එය දැක බලා ගැනීම සඳහා ඔහු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත අධිකරණ ශාලාවට පැමිණ සිට තිබෙනවා.

එහිදී අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ නීතිඳවරයා වන ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල පවසා ඇත්තේ තම සේවා දායකයා වන අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විසින් විත්තිකාර ඩබ්. එම්. අතුල තිලකරත්න නිදහස් කර ඇත්තේ නීත්‍යානුකූලව බවයි.

ප්‍රශ්නගත විත්තිකාර අතුල තිලකරත්න යන අය මේ මෙම අවස්ථාවේ මෙම අධිකරණයද පෙනී සිටින බැවින් ඒ වඩාත් තහවුරු වන බවයි නීතිඥවරයා කරුණු දක්වමින් පැහැදිලි කර ඇත්තේ.

නීතිඥවරයා එලෙස පවසන විට විත්තිකාර අතුල තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සිටි විවෘත අධිකරණ ශාලාවේ අතක් ඔසවමින් තමා අධිකරණය සිටින බව මහේස්ත්‍රාත්වරයාට දැන්වූ බවයි වාර්තා වන්නේ.

විත්තිකාර ඩබ්. එම්. අතුල තිරකරත්න අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් ද එම අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි බව සඳහන් වෙනවා.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ නඩුව අවසන් වීමෙන් අනතුරුව විත්තිකාර අතුල තිලකරත්න තමා මිතුරා සමඟ අධිකරණ භූමියේ කතාබස් කරමින් සිට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසලින්ම පිටව ගිය බවද සඳහන් ය.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...