සමරු ඵලකවල නම් ලියා ගැනීම අපේ ප්‍රතිපත්තිය නෙවෙයි.. මම ඒ උත්සවයට ගියෙත් තනියෙන් වාහනේ පදවගෙනයි

ප්‍රතිපත්තියක් ලෙස සමරු ඵලකවල නම දැමීමට තමන් කිසි දිනක එකඟ නොමැති නමුත් එහි තමන්ගේ නම ඇති බව දුටුවේ එය විවෘත කරන අවස්ථාවේ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

තමා ඒ අවස්ථාවේ රැඩිකල් තීන්දුවක් ගෙන එම සමරු ඵලකය ඉවත් කර සමාජ මාධ්‍ය වීරයෙක් වීමට අවස්ථාවක් තිබුණද එසේ කළේ නම් එයින් වඩාත්ම අපහසුතාවට පත්වන්නේ පාසල බව ඔහු මාධ්‍ය වෙත සඳහන් කරනු ලැබුවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නැඟූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

වාද්දුව මධ්‍ය මහා විද්‍යාල තාක්ෂණ ගොඩනැගිල්ලේ සමරු ඵලකයේ තම නම පමණක් නොව අගමැතිතුමියගේ ද නම තිබූ බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් එම චාම් උත්සවය සඳහා ගියේ කිසිදු ආරක්ෂකයෙකු නොමැතිව සිය වාහනය පදවා ගෙන බවයි.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!